4 වන අහම්බය 🌱

61 8 7
                                    

" හොබී "

" මොකද වුනේ? යුන්ගි එහෙම අහද්දී අනිත් අයත් දුර ඉදලම එතෙනට දුවගෙන ආවා.

" අහ් , අවුලක් නෑ යුන්ගි හ්යුන් , හොබී කිව්වා.

යුන්ගි හොබී දිහා බැලුවා.හොබීගෙ මූණෙ පොඩි පොඩි සීරීම් එක්ක වැලි ගෑවිලා තිබ්බෙ.යුන්ගි හොබීගෙ මූණ පරිස්සමින් අතගාද්දී ලේ බින්දු බේරෙන හොබීගෙ මූණ දිහා යුන්ගි ලොකු වේදනාවකින් බලන් හිටියා.

Jin -: මොනවද හොබී කරගත්තෙ,යුන්ගි යා මම කිව්වෙ උබට මූ උදේ ඉදන්ම සිහියෙන් නෙමේ ඉන්නෙ කියලා.

Jk,JM,Tae - හොබි හ්යුන් පරිස්සමින් ඇවිදින්න තිබ්බනෙ හ්යුන් .

හොබී ඇදගෙන වැටුනත් BBQ එකට මුකුත් නොවී යාන්තම් බේරිලා තිබ්බා.නම්ජුන් ජින් එක්ක එක ආයෙත් අරන් යද්දී පොඩි තුනත් ඒ පස්සෙන් ගියා.යුන්ගි හොබීව අල්ලලා නැගිට්ටුවා.යුන්ගි හොබි දිහා කල්පනා කාරීව බලන් හිටියා.

" ඔයා ප්‍රශ්නෙකද ඉන්නෙ හොබී?

" ...."

" දෙයක් ඇහුවහම එකට උත්තරයක් දෙනවා.

යුන්ගි එහෙම ඇහුවහම හොබීගෙ මූණ දුකෙන් පහත් කර ගත්තා.තමන් එහෙම අහපු එකට හිතින් බැනගන්තා.හොබි ඇයි මේ විදියට වෙනස් වුනේ කියලා යුන්ගිට තාම හිතාගන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.කාලයක් ආදරෙන් බලන් හිටපු ඇස් දැන් ආදරයකුත් නැතුව තරහකුත් නැතුව ඈත් වෙන්න යන්නේ ඇයි කියන එක යුන්ගිට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා.

යුන්ගියි හොබියි තාම හිටපු තැන එතනම ඉන්නවා දැකපු නිසා ජිමින් එයාලට කතා කරන්න එතනට ගියා.
දෙන්නගේ අතරේ කලින් තිබුන බැඳීමට මොකද මේ වුණේ කියලා ජිමින්ගෙ හිත නිතරම ඇහුවා.මොනව උනත් තමන් ඒ දෙන්නට වඩා බාල නිසා ඒවට අතදාන එක හරි නෑ නෑ කියලා ජිමින්ට හිතුන නිසයි ජිමින් සද්ද නැතුවම ඒ ප්‍රශ්නෙ කාලයට බාර දීලා බලන් හිටියෙ.

"යුන්ගි හ්යුන්, හොබි හ්යුන්" ජිමින් කතා කල්ල අඬගැහුවා.

ජිමින්ට දෙපාරක්ම කතා කරන්න වුණේ යුන්ගි හොබි එතන ගල් පිළිම දෙකක් වගේ හිටපු නිසා.යුන්ගි හොබි දිහා බලාගෙන හොබි බිම බලාගෙන.ජිමින් ටිකක් හයියෙන් කතා කරපු නිසා යුන්ගි ටිකක් ගැස්සුනා.

අහම්බය | SOPE Where stories live. Discover now