2 වන අහම්බය 🌱

99 10 15
                                    


EPISODE 2

ඉතින් කාලය ගෙවිලා ගියා ...

එදා හිටපු සාමාජිකයන් තුන්දෙනා දැන් හත්දෙනෙක් දක්වා වර්ධනය වෙලා තිබුණා .. ඉතින් වැඩි වගකීම් ගොඩක් හිමිවෙලා තිබුනෙ කණ්ඩායමේ ලොකු අයියලා හතර දෙනාට , යුන්ගි , හොසොක් දෙන්නත් මේ අතර හිටියා..

Flshback...

එදා පොද වැස්සෙ යුන්ගි සහ හොබි එකට ඉන්නවා පාරෙ ගියපු එක තරුණියක් දැක්කා , ඒ තමයි කිම් ජෙනී ඒ කියන්නෙ නම්ජුන්ගෙ ex gf නම්ජුන් ජෙනී එක්ක affeir එක නැවැත්තුවෙ නම්ජුන් ජෙනීගෙ අහංකාර , දරුණු ගතිගුණ වලට කැමති නැති වුනනිසා...කොහොමවුනත් ජෙනී ඒ නිසා නම්ජුන් ගැන හිටියෙ පුදුම වෛරයකින් .. ඉතින් ජෙනී කොහොමහරි මේ දෙන්නා එකට හිටපු වෙලෙ කාටත් හොරෙන් ඒක වීඩියෝ කරගත්තා .

" යුන්ගි හ්යුන් ..

" කියන්න හොබී ..

" මම ඔයාට බල කරන්නේ නැහැ හ්යුන් එත් මට පුළුවන් නම් විතරක් කියන්න විශ්වාසනම් ..ඔයාට හිතට වද දෙන ඔය ලොකු ප්‍රශ්නෙ මොකක්ද කියලා ... හොබි ඇහුවා. .

" ඒ ප්‍රශ්නෙ මොකක් වුනත් දැන් ඒක වැඩක් නෑ හොබි ඒකට උත්තරයක් මට දැන් හම්බෙලානෙ තියෙන්නෙ "

" හෑ මොකක්ද උත්තරෙ" හොබි පුදුමෙන් වගේ ඇහුවා..

"උත්තරෙ තමයි ඔයා හොබී " යුන්ගි හොබිගෙ නහය ටිකක් මිරිකන ගමන් කිව්වා ..

" විකාර" හොබි නෝන්ඩි හිනාවක් දැම්මා ..

................

ඉතින් ඒ අවුරුදු ගානකට කලින් වෙච්ච සිද්දිය ගැන හිත හිත හොබි සතුටින් ඉන්න වෙලාවෙ හොබි නිකමට පොන් එක අරගෙන tik tok එක පැත්තෙ ගියා ..ඒ යනකොට " sope is real " caption එකට වැටුන වීඩියෝ එකක් ඉතින් හොබීට ඒක දැකපු වෙලෙ ඇඟට පන නැතුව ගියා .ඒත් ටිකක් ඉවසලා කමෙන්ට් බැලුවෙ මේක ආමිස්ලා ඉඩිට් කරපු එකක් හැටියට කමෙන්ට් කරලා ඇති කියල වුනත් ගොඩක් අය පුදුම වෙලා වගේ කමෙන්ට් කරල තිබ්බ නිසා හොබි තවත් බය වුනා ....

හොබිට කරන්න ඕන දේ හිතාගන්න බැරි වුනා .හොබි යුන්ගිට කොල් කලත් එයා ආන්සර් කලෙ නෑ හොබි කෑ ගහලා ඇඬුවා ..ඒත් හොබිට තේරුණා ඒකෙන් වෙන්නෙ තමන්ගෙ හිත තවත් රිදෙන එක විතරයි කියලා ඉතින් කදුළුත් පිහිදන ගමන්ම හොබි අඩියට දෙකට එලියට බැහැලා යන්න ගියා ..

නම්ජුන් , ජින් දෙන්නා කොහෙද යන්නෙ කියලා ඇහුවත් හොබි ඒවට උත්තර දෙන්නවත් සිහියකින් හිටියෙ නෑ ඉතින් යන අතරමගදී යුන්ගිව ඇගේ වැදිලා දෙන්නම මහපාරෙ ඇදගෙන වැටුනා .. ( යුන්ගි කඩ වීදියට ගිහින් අනිත් අයට කෑමට ඕන කරන බඩු ගේන්න තමා ගිහින් හිටියෙ) ඉතින් හොබී බඩු ටික ඔක්කොම එකතු කරලා දීලා කතාවක් නැතුවම ආයෙත් යන්න ගියා...

" ඒයි හොබා කොහෙද යන්නෙ ,පිස්සුවක් වත් හැදිලද "
" යන තැනක කියල යනවකො මට "

යුන්ගි කොච්චර කෑගෑහුවත් හොබී දිගටම නොපෙනී යන්න ගියා ..

මෙ සිද්ධියෙන් යුන්ගිට ටිකක් බයක් ඇතිවුනා . යුන්ගි ඉක්මනින්ම නේවාසිකාගාරයට ගිහින් බඩු ටික තියලා බයිසිකලෙන් ආයෙත් හොබී ගියපු පැත්තට ඉක්මනින්ම ගියා .

යුන්ගි හවස් වෙනකන්ම හෙව්වත් එයාට හොබීවනන් හම්බුනෙ නෑ .අවසානෙදි වෙරළ පැත්තට වෙනකන්ම යුන්ගි ඇවිත් තිබුනා.බයිසිකල් පැදපු මහන්සියටම යුන්ගි ළඟ කොපි කඩේකින් කෝපි එකක් අරගෙන බයිසිකල් එකත් අතින් තල්ලු කරන් වෙරළ දිගෙ ඇවිද්දා , මේ වෙද්දි නම්ජුන්ගෙනුත් කෝල් සෑහෙන ඇවිත් තිබුනා . ඒත් යුන්ගිට හොබී හොයාගන්නෙ කොහොමද කියන එකයි හිතෙ උඩින්ම තිබ්බෙ .

ඉතින් ඔහොම ටික දුරක් යනකොට දැක්කා හොබි වගෙ එක කොල්ලෙක් වෙරළෙ එක පඩිපෙලක් ළග අඬ අඬ ඉන්නවා යුන්ගිට එක පාරටම ඒ හොබි කියලා සැක හැර දැනගන්න පුළුවන් වුනා ..

" හොබී ඔයා මොකද මෙතන කරන්නෙ , මොකද වුනෙ , ඇයි අඩන්නෙ "

යුන්ගි අහපු එක ප්‍රශ්නෙකටවත් හොබී උත්තර දුන්නෙ නැහැ ..

" හරි කමක් නැහැ මට කියන්න ඕනෙ නැහැ ළඟට එන්නකො " එහෙම කියලා යුන්ගි හොබී තුරුල් කරගත්තා ...

හොබී තොල් පිට පෙරලන ගමන් අඬන එක කොහොමහරි නතර කරගත්තා .ඒ හොබීගෙ ආරක්ෂකයා එයාගෙ ළඟම ඉන්න නිසා කියල හොබීට දැනුන නිසා ..

" යුන්ගි හ්යුන් ඔයා දැක්කද අද ශෙයාර් වුන වීඩියෝ එක "

" අහ් ඔව් ' ඉතින් " යුන්ගි සැහැල්ලුවෙන් කිව්වා ...

" ඉතින් අපිට ඕක ප්‍රශ්නයක් වෙන්නෑද්ද.. හොබි ඇහුවා.

යුන්ගි බාගෙට හිස් කරපු උණු උණු කෝපි එකෙ බීම එක හොබීගෙ කටෙ තියලා හිනාවුනා...

" ඔය වගේ එවා අපිට හැදෙන එක සාමාන්‍ය දෙයක් හොබියො , ඕව ගනන් ගන්න එපා ඔයා "

හොබි කෝෆි එක බොන ගමන් යුන්ගිගෙ කට දිහා බලාගෙන කියන කතාව සාවධානව අහන් හිටියා ...

" බීලා ඉවරද , එහෙනම් අපි යමුද හොබී කුමාරයානෙනි ..

" හ්යුන්ගෙ කෝලම් නම් දැන් හොඳටම වැඩී,අපි යමු " හොබී හයියෙන් හිනාවෙන ගමන් කිව්වා ..

යුන්ගි හොබීව බයිසිකලෙ ඉස්සරහින් තියාගෙන ,යන ගමන් කියවන ඒ් පිස්සු කතා වලට හිනා වෙවී හොසොක්ගෙ කොණ්ඩෙ හුළඟට යද්දි එන ඒ සුවඳත් විදින ගමන් දෙන්නම නේවාසිකාගාරයට ආවා...

..................

ප.ලි. - කට්ටිය අදහස් කියාගෙන යන්නො වැරදි අඩුපාඩු තියෙනම් කියන්න අනිවාර්යෙන්..💜

අහම්බය | SOPE Where stories live. Discover now