12 වන අහම්බය 🌱

36 6 4
                                    

හොසොක් යුන්ගිගෙ පපුවට තුරුලු වෙලා තද නින්දක පහු වෙන ගමන් ඉන්න වෙලාවෙ කුරුල්ලන්ගේ සද්දෙට යුන්ගි එක පාරටම ඇස් ඇරලා බැලුවා .තමන්ගේ පපුවට වෙලා නිදන් ඉන්න හොසොක්ව යුන්ගිට පෙනුනේ රතු වෙච්ච ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.

හොසොක්ගෙ මූණ අතර හෙමිහිට ඇඟිලි අරන් ගිය යුන්ගි නැවතුනේ හොසොක්ගෙ නහයට තට්ටුවක් දමමින්.හොසොක් යුන්ගිව බදාගෙන හිටියෙ හරියට "මගේ හැමදෙම ඔයා " කියන්න වගේ .

වටපිට බලපු යුන්ගි හොසොක්ට අවදි කලේ ආදරෙන් හොසොක්ගෙ කෙස් අතර ඇඟිලි යවමින් .වෙලාව උදේ නවයට විතර වෙලා තිබුණා.ඉර එළිය මූණට වැටුන යුන්ගි එක අතකින් තමන්ගේ මූණ වහගත්තා.

" හොබී

" ම්ම්ම්

හොසොක් කෙඳිරි ගගා තව තද කල්ලා යුන්ගි ගේ පපුව අස්සේ ඔලුව හංගගත්තා.

" නැගිටින්න දැන් ,

" අනේ තව ටික වෙලාවක්

" හ්ම්

යුන්ගි හිටියෙ ලොකු බඩගින්නකින් වගේම කලබලේකින් ඒත් හොසොක්ට තව ටිකවෙලාවක් නිදා ගන්න යුන්ගි හොසොක්ට එයාගෙ පපුවෙ ඉඩ දුන්නා.
කොහොමහරි පැය බාගයකට විතර පස්සේ හොසොක් ඇස් දෙකත් පිහිදදා නැගිට්ටා.වටපිට බලපු හොසොක්ට ඒ වෙලාවෙයි මතක් වුනේ කලින් දවසේ රෑ වෙච්ච සිද්දිය.

හොසොක් යුන්ගිගෙන් ඈත් වෙලා වැව ඉවුරට හෙමින් ඇවිද්දා යුන්ගිත් ඒ පස්සෙන් වැව ගාවට ඇවිත් වතුර ටිකකින් මූණ සෝදගත්තා.ටික වෙලාවකින් හඩ අවදි කලේ හොසොක් ,

" හ්යුන් බඩගිනියි නේ

" හ්ම් , මටත්

" අපිට එහා පැත්තට යන්න පුලුවන් වේවිද හ්යුන් ?

" එක නම් බැරි වේවි හොබි මම හිතන්නෙ

" අයියෝ අපි මොකද කරන්නෙ දැන්?

" අනේ මන්ද හොබී "

හොසොක් ඒත් එක්කම වැවේ ඉවුරෙ වාඩි වෙලා එහා කොන දිහා කළකිරීමෙන් බලන් හිටියා.කලින් හිටපු තැනින් සෑහෙන දුරක් ඇවිත් කියලා හොසොක්ට පෙනුනේ එවෙලෙ.

" යුන්ගි හ්යුන් , එයාලා අපිව හොයන් එයිද ?

" එක කියන්න බෑ හොබි , නම්ජුනුත් කිව්වෙ මේ පැත්ත භයානකයි කියලා , අනික මම හිතන්නෙ නෑ එයාලා අපි මෙහේ ඇවිත් කියලා හිතයි කියලා .

අහම්බය | SOPE Where stories live. Discover now