7 වන අහම්බය 🌱

45 6 4
                                    


හොසොක් යුන්ගිගෙ අතින් අල්ලන් පාර දිගේ කියව කියව ඇවිත් හැන්දෑව හය හමාරට විතර බංගලාවට ලං වුනා.

අනිත් පහම ගේට්ටුව ළඟට ඇවිත් බලන් හිටියා.ඒවෙනකනුත් අත් අල්ලන් හිටපු දෙන්නා ඒවෙලාවේ අත අහකට ගත්තා.

ටේහ්යුන් ගිහින් යුන්ගිව වැළදත්තේ අවුරුදු ගාණකට පස්සෙ තමන්ව බලන්න ආපු තමන්ගේ තාත්තව වැළද ගන්නවා වගේ.ජිමිනුත් ඒ දිහා ආදරයෙන් බලන් හිටියා.

යුන්ගිගෙ අතින් ඇදගෙන ටේහ්යුන් එක්කරගෙන යනකොට හොසොක් ජිමින් එක්ක පස්සෙන් ගමන් කල්ලා නැවතුනා . ජිමින් හොසොක් දිහා ආඩම්බරයකින් වගේම ආදරෙකින් බලන් හිටියා.

" හොබි හ්යුන් , දන්නවද යුන්ගි හ්යුන්ට ඔයා එක්ක ඉන්න විතරයි මෙච්චර කල් ඕන වෙලා තිබ්බෙ , ඔයා නොදන්නව ඇති ඒත් එයා ඔයාට මහ ගොඩක් ආදරෙයි හොබි හ්යුන්

" ඔව් ජිමිනා මම එක අද හරියටම දැනගත්තා.

ඒත් එක්කම ජිමින් උරහිසට බර දිලා හොසොක් අඬන්න ගත්තා.ජිමින් හොසොක් ගේ දුක තේරුම් ගත්තා .ජිමින් හොසොක් ඉස්සරහට ඇරගෙන තමන් අත් දෙකෙන් කඳුළු පිහිදාලා,

" ඇයි අඬන්නේ හ්යුන් , අඬන්න එපා අද ඉදන් ඔයා දිගටම හිනා වෙලා ඉන්නයි ඕනේ , අඩු ගානේ යුන්ගි හ්යුන් වෙනුවෙන්වත්

" ම්ම්ම්

හොසොක් කඳුළු අතරින් හිනා වුනේ ජිමින්ගේ ඒ කරුණාවන්ත වචන ටික අහලා, වැළඳගැනිමකින් , පොඩි වචන ටිකකින් මනුස්සයෙක් හරි අපුරුවට නිවන්න ජිමින්ට පුළුවන් කමක් තිබුනා.

"ම්ම්ම් ' අපි යන් හ්යුන්

හොසොක් ජිමින් එක්ක ඇතුලට ගියා.
කාමරේට යන්න කලින් ජිමින් හොසොක්ට කතා කරා.

" හ්යූන් අද එලියට යමුද ?

" ඈ, ඒ මොනවටද ජිමින් .

" නෑ නෑ , හ්යූන් පොඩි කයියක් ගහන්න.සින්දුවක් එහෙම කියලා.

" ආ හ්ම් හ්ම් , මම වොෂ් එකක් දාන් එන්නම්කො එහෙනම්

හොසොක් ගියා කාමරේට ගිහින් ඇඳුම් මාරු කල්ලා කෙලින්ම ගියේ වොෂ්රූම් එකට.ෂවර් එක අල්ලගත්තා වෙලෙ ඉදන් හොසොක් කලේ අඬපු එක ඒ දුකට විතරක් නෙමෙයි දුක අස්සෙම තිබුණ ඒ සතුටට.නාලා කරලා ස්ට්‍රෝබෙරි සුවද ගගහා හොසොක් එලියට ගියා. එලියට ගිහපු ගමන්ම දැක්ක දෙයින් හොසොක් එක පාරටම බය වුනෙ ටවල් එකක් එල්ලන් හිටපු යුන්ගි හොසොක් ගේ දිහා බලන් හිටපු නිසා.

අහම්බය | SOPE حيث تعيش القصص. اكتشف الآن