19 වන අහම්බය 🌱

33 5 2
                                    

කාලය ගෙවිලා ගියා.යුන්ගි සහ හොසොක් දින විසිහතරක් පුරාවටම ගම්මානයෙ නර්ථනය හදාරන ගැහැණු ලමයි 17 දෙනා ව පුහුණු කලා.ඔවුන් අගබිසවගේ උපන් දිනේ දවසට ලෑස්ති කලේ ඔවුන්ගේම black swan ගීතයේ සංගීතය කොරියානු සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වලින් වාදනය කිරීමෙන් , තුන් දෙනෙක් සංගීත වාදනයටත් අනෙක් දහහතර දෙනා නර්තයටත් ලෙස තෝරාගත්තා.

ගම්මාන පහේම මිනිස්සුන්ගෙන් එදා සංගීත ප්‍රසංගය පිරී ඉතිරී ගියා.ගැහැණු ළමයින්ගෙ ප්‍රසංගය ඉදිරියෙන්ම සිට බලන් සිටියෙ රජ තුමා සහ අගබිසවයි, අගබිසව කියන්න බැරි තරම් සතුටකින් ඒ දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියා , මේ අතරේ යුන්ගි හොසොක් හිටියෙ සංගීත ප්‍රසංග සෙනගෙ අවසාන හරියට වෙන්න.

" යුන්ගි හ්යුන් , හරිම ලස්සනයි නේද?

" ඔයාට තමයි ඉතින් ගෞරවය හිමිවෙන්න ඕනෙ

" ඒත් ඔයා මට මට වැඩිය මහන්සි වුනානෙ හ්යුන්

" පිස්සු කියවන්න එපා හොබා , ඔයා තමයි ගොඩක් මහන්සි වුනේ , ඔයා තමයි හොදම එච්චරයි

" එත්

හොසොක් මුකුත් කියන්න කලින් යුන්ගි හොසොක්ගෙ තොල් දෙක මැදට ඇඟිල්ලක් තියලා වැහුවා. යුන්ගි ප්‍රසංගය දිහා බලාගෙන ඉද්දී පිටිපස්සෙන් ආපු කළු පාට ඇඳගත්ත මනුස්සයෙක් හොසොක්ගෙ කට වහලා එතනින් අරන් ගියා.විනාඩි පහකට විතර පස්සෙ යූන්ගි බැලුවෙ තමන් එක්ක හිටපු හොසොක් කොහෙද කියලා. හෙසොක් නැති බව දැනගත්ත යුන්ගි කලබලෙන් එතනින් පිටවෙලා හොසොක්ව හොයන්න ගත්තා.

ගම්මානයෙන් පිටවෙන පාරේ අඩි සලකුණු තිබුණ නිසා යුන්ගි දිගටම දිව්වා , යුන්ගි ටික දුරක් දුවද්දි කළු පාටට දැක්කෙ මිනිස්සු තුන් දෙනෙක් යුන්ගි ඉක්මනටම එතනට ගියා.එතන හිටියෙ හොසොක් , ජේසින් සහ කළු පාට ඇඳගත්ත මනූස්සයා, ජේසින් ගොඩක් අවදානෙන් ඉන්න නිසා හොසොක් කට වහන් අරන් යද්දී ජේසින් ඒ මනුස්සයගෙ පස්සෙන් ගිහින් අල්ලගත්තා.ජේසින් ඒ මනුස්සයා එක්ක ගියපු සටනකින් ඒ මනුස්සයා එතනම මියගියා .හොසොක් මේ වෙලාවේ හිටියෙ ගොඩක් බය වෙලා මේ වගේ සිද්දියකට කවදාවත් මුහුණ දීලා නැති නිසා.යුන්ගි ආවට පස්සෙ හොසොක් යුන්ගිව බදාගත්තා.

" යුන්ගියා , හොසොක් උබලා දැන්මම මේ ගමෙන් යන්න ඕනෙ

" මො.මොකක්

" ඔව් , මම උබලට පාර පෙන්නන්නම් මේ මිනිමැරුමට පවා උබලට වග කියන්න වෙයි මෙහෙ හිටියොත්

" හරි , හරි

ජේසින් එක්ක යුන්ගි හොසොක් කිලෝමීටර් තුනක් විතරම ගිහින් කැලෑ වැවුණු එක දිගටම තියෙන පඩිපෙලෙන් හදපු මාර්ගයක් ආරම්භ වෙන දොරටුවක් ගාවට ගියා.

" යුන්ගියා , හොසොකා උබල දෙන්න දැන් යන්න ඕනෙ මේ පාර කොච්චර දුර උනත් නවතින්න එපා උබලට මේකට නගරෙට යන්න පුළුවන් ,

එහෙම කියලා ජේසින් යුන්ගිව අවසාන පාරට වැලඳගත්තා ,

" යුන්ගියා , හොසොක්ට කවදාවත් දුකක් දෙන්න එපා හොදට බලාගනින් අහිංසකයව හරිද ,

" අනිවාරෙන් හ්යුන් ,

ජේසින් හොසොක්වත් අවසාන පාරට වැලදගෙන කතා කරා ,

" හොසොක් මල්ලි , උබ නොදන්නවා වෙන්න පුළුවන් ඒත් යුන්ගියට උබ නැතුව මුකුත් කරන්න බෑ , ඒ නිසා ඌ මගහරින්න එපා හරිද කවදාවත් ,

ජේසින් එහෙම කියලා දෙන්නගෙ දිහා බලන් ඉදලා අවසාන පාරට ආචාර කරලා යන්න ගියා

.....

පොඩි එකාක් මේ දවස්වල ගොඩක් ප්‍රශ්න .. පුළුවන් ඉක්මනට එන්නාම්..

🌼💫💜




අහම්බය | SOPE Where stories live. Discover now