21 වන අහම්බය 🌿

32 5 2
                                    

යුන්ගි හොසොක් දිහා බලාගෙන එක එල්ලෙම බළාගෙන ඉන්නකොට කාලයත් එයාලාට නොදැනීම ගතවෙලා ගියා.

" හ්යුන්

හොසොක් යුන්ගිගෙ ඉස්සරහින් අත එහාට මෙහාට කරලා යුන්ගිට කතා කලා.

" හ්යුන් , අර දැක්කද

හොසොක් කතා කරපු නිසා පියවි සිහියට ආපු යුන්ගි හොසොක් අත දික්කල්ලා පෙන්නපු පැත්ත දිහා යුන්ගි බැලුවා. හොසොක් පෙන්නුවේ ලාවට පත්තුවෙවී නිවෙන ටිකක් දුරින් පෙනෙන රතු පාට එලියක්.හොසොක් ඒක පෙන්නුවාට පස්සෙ යුන්ගිට ඇගට ලේ ටිකක් ඉනුවා.

" හොබී , ඔන්න එහෙනම් අපිට සහෝදරයො ටික හම්බවෙන්න පුළුවන්

යුන්ගි හොසොක්ගෙ කරට අතක් දාගන්න ගමන් එහෙම කිව්වා.

" ඔව් , හ්යුන් මට නම් ගොඩක් සතුටුයි

" හ්ම්ම් , කතා කර කර ඉදලා හරියන්නෙ නෑ අපි යමු එහෙනම්

දෙන්නා ආපහු ගමන යන්න පටන් ගත්තා.
එලිය දිහා බලාගෙන එකදිගටම නොනවත්වා දෙන්නා දුවගෙන ගියා.ටික වෙලාවකට පස්සෙ එයාලට දකින්න ලැබුනෙ බිල්ඩිම් දෙකක් මැද්දෙ තියෙන කුණු ගොඩ ගැහුණ පාරක්.ඒක දැක්කට පස්සෙ දෙන්නටම සතුට ඉහවහා ගියේ එයාලා නගරෙට ලංවෙලා කියලා තේරුණ නිසා.

දෙන්නත් එක්කම අත් අල්ලන් තිබුණ කුණු ගොඩවල් වලටත් පයින් ගහගෙන දිව්වට පස්සෙ නගරෙ යන වාහන දකින්න ලැබුණා.

හොසොක් සතුටටම යුන්ගිගෙ අතත් අතහැරලා පාර දිගේ දුවලා ගියා.පාරෙ යන මිනිස්සු මඩ ගෑවුනු හන්බොක් දෙකක් ඇදන් ඉන්න නිසා මේ යුන්ගි සහ හොසොක් දෙන්නා දිහා මහ අමුතු විදිහට බැලුවෙ.

" හොබා , දුවන්න එපා ඉන්න

හොසොක් ඒක නෑසුන ගානට කහ ඉරකින් පාර මාරුවෙන්න යද්දී පැත්තකින් ආපු වාහනයක් හොසොක්ගෙ ඇගේ වැදිලා හොසොක් ටිකක් දුරට වීසී වුනා.

" හොසොක් "

යුන්ගි හොසොක්ගෙ ළගට ගිහින් හොසොක්ගෙ ඔලුව තමන්ගෙ තුරුලට ගත්තා. හොසොක්ගෙ ඔලුවට එතරම් හානි නොවුනත් උර ප්‍රදේශයෙන් ලේ බේරෙන ගමන් තිබුනෙ.

අහම්බය | SOPE Where stories live. Discover now