Snow Love

530 77 45
                                    

@Dinner table

මුලු හවස් වරුවම ජන්කුක්ට ඇවිදින්න උදව්කරපු ඉවියානා, ජිආනා ඇහැරෙන්න කලින් රෑකෑම හැදුවෙ තාත්තාගෙයි දුවගෙයි වගෙම යේවාගෙයි ටේගෙත් ආස කෑම ඒ ඒ විදිහට හදන ගමන්.

කැම හදන ගානෙම ඉවිගෙ මනසෙ ඇදුනේ ටිකකට කලින් තමන් ජන්කුක්ට කියපු දේවල්.ඒ දේවල් අහන් ඉන්නවා ඇරෙන්න ජන්කුක්ට වෙන කරන්න දේකුත් නැතිවෙද්දි උන දේවල් වේදනාවෙන් උනත් මතක විදිහට කියන්න ඉවියානා පෙලඹුනා.

ඉවි මතක අස්සෙ ඉද්දි එක එක්කෙනා කෑම මේසෙන් ඉදගනිද්දි කෑම මේසෙ ලගට ආපු ජන්කුක් උගුරපෑදුවෙ නිකම් කාටහරි තමන් ආපු වග අගවන්න වගේ.කිචන් එකෙ හිටිය ඉවියානා ඇස් කොනින් කෑම කාමරෙ ඉන්න ජන්කුක් දිහා බලලා අත පහලට කරලා යන්න කිව්වෙ හරියට වැරැද්දක් කරන්න ගිහින් අහුවෙයි කියලා බයෙන් බයෙන් වගෙ

ජන්කුක් කිචන් එක දිහා බලන් උගුර පාදන විදිහ දැක්ක යේවා ටේගෙ කකුල පාගලා පෙන්නද්දි ටේහ්‍යුන් ඒ දිහා බලලා කකුල අතගෑවේ ඒ පෑගිල්ල සෑහෙන්න රිදුන නිසා.

*මේකිට පාග පාග ඉන්න මොකක් හරි ගෙනත්දෙන්න වෙයි ,දෙයියනෙ මගෙ කකුල*

"මෙ ඔප්පා...??"

ඉවියානා ගෙනත් දුන්න තොබොක්කි භාජනේම බදාගෙන කන ගමන් යේවා ජන්කුක්ට කතාකරේ කොල්ලව ගැස්සෙන තරම් හයියෙන්

"ඕ.."

ඒ එක්කම කෑම කන්න ඉවිත් ඉදගනිද්දි ජන්කුක් යේවාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලෑස්තිවෙනගමන් කෑම බෙදාගත්තේ ඉවී පලවෙනි බත්කට කටට දාගනිද්දිමයි.

"අද දවල් පහල රුම් එකෙන් සද්දවගයක් ආවනෙ.!!"

"කැහ්කැහ්කැහ්...!!"

ඉවි කාපු පලවෙනි කටම කෙල්ලට හිරවුනෙ යේවාගෙ ප්‍රශ්නෙට.කෙල්ල කහිනවා දැක්ක ජන්කුක් අත ලග තිබුන වතුර වීදුරුවට අත තියන්න යද්දිම ඒක ගත්ත යේවා ඉවිගෙ පිට අතගාලා වතුර එක දුන්නේ ටේහ්‍යුන්ට අහක බලන් බෙල්ල අතගාන ජන්කුක්ව පෙන්වන ගමන්.

"ඉවි හිමින් කන්න ලමයො.හිරවෙයි...!!"

"මො.මොන..සද්දද යේවා?"

The Click !! • - Jjk ✔Where stories live. Discover now