•INTRODUCTION•

1.1K 133 19
                                    

"Hey angry bird"

"මොකද??"

"පොඩ්ඩක් හිනාවෙන්නකෝ,මගෙ Cam එක බලන් ඉන්නවා..."

"මට බැ කොටලුවන්ගෙ කැම්වලට හිනාවෙන්න!!"

"මේ ඇන්ග්‍රි බර්ඩ් විතරද මෙහෙම නැත්නම් කෙල්ලො කියන සංහතියම මෙහෙමද??"
____________________________


• Jeon jungkook

ලෝකේම ඇස්දෙකෙන් දකින  මිනිස්සු අතරේ කැමරා කාචෙන් ලෝකෙම දකින  හැගිම් ගොන්නක හිරවුන අයිතිකාරයෙක්,
වයස අවුරුදු 26ක කඩවසම් තරුණයෙක්,
ඔනෙම කෙල්ලෙක් එක බැල්මෙන් පිස්සු වට්ටන්න පුලුවන් ,
ඒත් එකම එක කෙල්ලෙක්ගෙ හිනාවකින් පිස්සු වැටුන තරුණයෙක්..

   

•Park Ivy-Ana

අමුතු ලස්සනක් නැතත් පිරිමියෙක් දෙපාරක් හැරිලා බලන තරමේ තරුණියක්
දිග කොන්ඩෙ
දුඹුරු ඇස් වගෙම
ලැවෙන්ඩර් මල් වෙනුවෙන් පිස්සු වැටුන හිතක්
ජිවිතේ පිස්සු නටන්න වගෙම වැඩකදි සම්පුර්ණයෙන් අවධානය දීලා වැඩකරන්නත් ඉවියානා උපන් හපන්,
විදින තරමට එහායින් විදවන්නත් ඉවියානා දැනන් හිටියා
අවුරුදු 23ක බිස්නස් ලෝකෙම අතේ නටවන දගකාර වගෙම කටකාර කෙල්ලෙක්.
Half of her beauty is her brain
මේ වාක්‍යය සම්පුර්ණයෙන් ඉවියානාට ගැලපුනා

•Kang Yeva

අවුරුදු 23ක කැනඩාව කියන රටෙ ජීවිතේ හොයපු , ආදරය හොයන තරුණියක්,
හැකියාව ආසාව කරගෙන ආසාවෙන් ඉහලට යන දගකාර කෙල්ලෙක්
අහම්බෙන් හම්බෙන දගකාර ඇස්දෙකකට
පලවෙනිවතාවට ඒ කාර්‍යබහුල හිතෙ ඉඩක් වෙන් කරපු
අහිංසක හදවතක අයිතිකාරියක්.

•Kang Min-ji

ජිවිතේ ඔනෙ කියලා දැනෙන දෙයක්  නොලැබෙනවා වුනත්  බලෙන් හො ලබාගන්න දෙපාරක් නොහිතන ,
අවුරුදු 25ක දඩබ්බර කෙල්ලෙක්
කොරියානු නේවි කමාන්ඩර්ගේ දෙවෙනි දුව වගෙම
තමන්ගෙ හැගිම් ඉස්සරහ වහල් වෙන ජාතියේ කෙල්ලෙක්.
හිතට අල්ලන ඔනෙම පිරිමියෙක් ලගට යන්න දෙපාරක් නොහිතන්න පුදුමාකාර හැකියාවක් ඇයට තියෙනවා.

•Mr.Kang soekmin

ආදරයෙන් පිරුන ලෝකේ බලයට ,සල්ලිවලට හැමදේම යටයි කියලා හිතන කොරියානු නාව්කා හමුදා කමාන්ඩර් ,
යේවා ,මින්ජි සහ තවත් එක් දරුවෙක්ගෙ පියෙක් වගෙම
දාස්ගානකගෙ ජීවිත අපායක් වෙන්න හේතුවක්
එකම වරද දෙපාරක් නොකරන්න හිතන මිනිස්සු අතරෙ එකම වරද දාස්වතාවක් කරන මනුස්සයෙක් ..

--------------------------------------------------------

හැගිම්වලට කෙනෙක්ව
රකින්නත්
මරන්නත් පුලුවන් ,
හැගිම් හරියට
තුවක්කුවක් එක්ක
සෙල්ලන් කරනවා වගෙ වැඩක්
ඉදිරියට වෙඩිල්ල පත්තුවුනොත් ඔයා රැකෙයි
හැබැයි සෙල්ලම වැරදුනොත්
ඔයාගෙ හුස්ම පොද ඔයාට නැතිවෙයි...

එකම එක පාරක් හිනාවෙන්න,
එ හිනාව සදහටම ඇති
මොකද එ හිනාවට පුලුවන්
සමහර හිත් සදහටම සනසවන්න..

සමහර මිනිස්සු බලේට තණ්හාවට සල්ලිවලට ජීවත් වුනාට,
සමහර මිනිස්සු ජීවත්වෙන්නෙම තමන්ගේ සැනසීම හොයන්න..

හරියට ජියොන් ජන්කුක් වගේ.
කැමරා කාචෙන් ලෝකෙ දකින
එ හිතම
එක හිනාවකින් පුරවන්නත්
විනාසකරන්නත්
පුලුවන් වුනා කිව්වොත්
විශ්වාස කරනවද??

මේ
ආදරේට වටිනාකමක් නැති ලෝකෙ
ආදරේට ආදරය කරන
මිනිස්සුන්ගෙ
කතාව.

Click

The Click !! • - Jjk ✔Where stories live. Discover now