You are Mine !!

595 69 51
                                    


යෙවා සම්පුර්ණයෙන් කතාව දැනගන්න ඔනෙකමට අහද්දි හිනාවුන ජන්කුක් මේසෙට හේත්තුවුනේ පින්තූරය දිහා බලාගෙනම

"එයා මගෙ ජිවිතෙ ඉන්නෙ එයා ඉපදුන දා ඉදන්මයි, පුන්චි කාලෙදි එයා උතුරු කොරියාව මම දකුනු කොරියාව වගෙ, එ කිව්වෙ මම සාමදාන වෙන්න හැදුවට ඒ බටු ඇටෙට ඔනෙ වෙන්නෙම ඇටෑක් කරන්න.කාලයත් එක්ක එයායි මායි ලංවුනෙ යාලුවො වගෙ නැත්නම්  සහෝදරයො වගේ, ඒත් ලොකුවෙන්න ලොකුවෙන්න එයා දිහා එ විදිහට බලන්න මට බැරිවුනා. මොලේ හැමවෙලේම එයා ඔයාගේ නන්ගි වගෙ , නැත්නම් යාලුවා වගෙ කිව්වත් හිත කිව්වෙම වෙන දෙයක්."

පින්තුරේ දිහා බලන් කියපු ජන්කුක්  යේවා දිහා බැලුවේ යේවා සෝෆාවෙන් ඉදගෙන නිකටට අතත් තියාගෙන ජන්කුක්ගෙ සම්පුර්ණ කතාවටම සාවදානව අහන් ඉන්න බව දැක්ක නිසා..

"හිතට දැනෙන දෙවල් නතර කරන්න මට ඔනෙකමක් තිබ්බෙත් නෑ.පොඩි කාලෙ මගෙන් ඇහුවොත් මමත් අර ට්‍රෙන්ඩ් එකට වගෙ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක් මගෙ ටයිප් එක කියලා කිව්වත් අන්තිමට මේ පිස්සු කෝලම තමයි මගෙ ටයිප් එක කියලා දැනෙද්දි මට තේරුනා මම එයාට ආදරෙයි කියලා .මම දන්නෙ නැ කවදා කොහොම එයා මගෙ හිත අස්සට රිංගුවද කියලා ,ඒත් එයාට යන්න ඔනෙ වුනත් එයා යන්න දෙන්න බැරිතරම් මගෙ හිත එයාට ඇබ්බැහිවෙලා.එයා නැති එක එකපැයක් උනත් ඇති මට පිස්සු හැදෙන්න යේවා"

පින්තුරෙ හිටිය ඉවීගෙ රූපේ පුරා තමන්ගෙ ඇගිලි අරන් යන ගමන් ජන්කුක් මුමුනද්දි යේවාට හිතුනේ ඉවී කියන්නෙ මෙ ලොකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා .ඒත් මොකක්ද හේතුවකට ඒ වාසනාවට ඉවී ගොඩක් ඈතින් හිටියේ...

"මට සමාවෙන්න යේවා.I can't love you...I am sorry ..."

ජන්කුක් අන්තිමට යේවා දිහාට හැරිලා කියද්දි යේවා හිනාවකින් මූනම පුරවගත්තේ තමන්ට නොලැබුන පලවෙනි දේ මේ දෙ නොවන නිසා.

"ඔයාට එයාව හම්බෙයි ජන්කුක්.ඒත් ඇයි එයාට ජේමින් එක්ක යන්න දෙන්නෙ.??"

යේවා ජන්කුක්ට තමන්ගෙ ප්‍රශ්නය ඉදිරිපත් කරේ ජන්කුක් ඉස්සෙල්ලා ජේමින් ඉවිව අරගෙන යද්දි මොකුත් නොකර හිටිය නිසා..

The Click !! • - Jjk ✔Where stories live. Discover now