Cemetery

305 69 11
                                    

@cemetery

ජන්කුක්ගෙ දෙමවිපියන්ගෙ වගෙම ඉවිගෙ දෙමව්පියන්ගේත් සෙමට්‍රි වලින් වැසී තිබුන සොහොන් ප්‍රදේශය පුන්චි පුන්චි මල් වර්ග සිය ගානකින් වැහිලයි තිබුනේ.ඒකට හේතුව ඉවිකුක් වෙද්දි අතේ සුදුපාට ලිලිමල් ගොමුවක් තියන් ඉවී ඈතින් පේන සෙමට්‍රි හතර දිහා කා ' එක ලග ඉදන් බලන් හිටියෙ අඩියවක්වත් ඉස්සරහට යන්නෙ නැතුව.

වාහනෙන් බැස්ස ජන්කුක් දැක්කෙ ඇස්වල කදුලු පුරවන් ලිලි මල් ගොමු දෙකක් අත් අතරෙ තදකරන් තොල්දෙක හපන් ඉන්න ඉවීව.කෙල්ල දිහා බලපු ජන්කුක් හුස්මක් පිටකරලා ඇවිත් ඉවීගේ නිදහස් අත අල්ලගත්තේ කෙල්ලාව පියවි සිහියට එක්කගෙන එමින්.ඉවිගෙ ඇගිලි අතරෙ ජන්කුක්ගෙ ඇගිලි බැදුනේ ජන්කුක්ගෙ මුනෙ පුන්චි හිනාවක් එක්කමයි.ඒ හිනාවට ඇස් යොමපු ඉවීගෙ තොල් අතරෙත් හිනාවක් මැවුනේ හරි ඉක්මනට.

"එයාලා අපි එනකම් බලන් ඇති.අපි යමුද චූටි නෝනා??"

ජන්කුක් ඉවිගෙ කන් පෙත්තෙ ගෑවී නොගැවි අහද්දි ඉවීගෙ කටින් හිනාවක් පැන්නේ ජන්කුක් නිසා දැනුන කිතියට.කෙල්ල ඔලුව වනලා හා කියද්දි ජන්කුක් ඉවිගෙ අතින් අල්ලගෙනම සෙමට්‍රි ලගට පියමැන්නේ දවස් ගානකට කලින් පිපුන චෙරි මල් වැස්සක් වගෙ බිමට පතිතවෙන අතරෙමයි.

"අපි ආවා මමා , පපා."

මුලින්ම ඉවිගෙ දෙමව්පියන්ගේ සෙමට්‍රි එක ලගට ලංවුන ඉවිකුක් අතරෙන් ජන්කුක් සද්දෙන් කියද්දි ඉවී සෙමට්‍රි එක දිහා බලන් හිටියෙ පපුවට පිහියකින් අනිනවාවගෙ දැනෙන හැගිමත් එක්කමයි.

තමන්ගෙ දෙමව්පියො තමන් එක්ක ගෙවපු එකම මතකයක්වත් ඉවි ලග තිබුනෙ නැ.ඉවිට කොච්චර ඔනෙවුනත් නොදැනුවත්වම ඒ රූප බොදවුන සිදුවීම් වෙලා ගියෙ ඉවි තමන් එක්කම කෝප වෙද්දිමයි.තමන්ගෙ අතෙ තිබුන ලිලි මල් පොකුරු දෙක සෙමට්‍රි දෙකෙන් තියපු ඉවී සෙමට්‍රි දෙකෙන් ඉටිපන්දම් පත්තුකරලා තමන්ගේ මමාගෙයි පපාගෙයි පින්තූර අතගෑවේ හරි ආදරෙන්.

"මාවත් ඔය දෙන්නා ලගට ගන්නකො"

ජන්කුක්ට නෑහෙන ගානට ඉවී මිමිනුවෙ වේදනා විදලා තිත්ත වෙලා උන්නු නිසා.කෙල්ලටත් තමන්ගෙ දෙමව්පියො ලගට ගිහින් වේදනාවක් නැති තැනක ඉන්න ගොඩක් ඔනෙ වුනා.ඒත් එ හැම වෙලෙම ජන්කුක්ව මේ අනුකම්පා විරහිත , දුශිත මිනිස්සු ඉන්න ලෝකෙ තනිකරල යන්න ඉවී බයවුනා.මැරෙන්න හේතු දාහක් ආවත් ජන්කුක් කියන්නේ ඉවීට නොමැරි ඉන්න හේතුවෙන එකම එක හේතුව.එ වෙනුවෙන් ඉවී නොමැරී ඉන්න වගෙම නානාප්‍රකාර වේදනාවිදින්නත් සූදානම් උනා.

The Click !! • - Jjk ✔Where stories live. Discover now