Random Eyes

861 105 22
                                    

පරිසරය ,
වචනාර්ථයෙන්ම හිත නිවන භාවනාවක්.
ගස් කොල මල් වැල්
මෙ හැමදේම
සැනසීම ලංකරන දෙවියන්ගේ තෑග්ගක්.
සමහර මිනිස්සු ආදරය කරන්නේ
ඉමක් කොනක් නොපෙනෙන සැනසීම ගේන
මේ පරිසරයට.

ලෝකෙන්ම හැංගිලා තියෙන ලස්සන ලස්සන තැන් පුන්චි කැමරා කාචෙට ගන්න දක්ශ ජන්කුක් කියන්නෙත් එ පරිසරයෙන් දැනෙන සැනසීමෙ ගිලෙන්න ආසකරන පිරිමියෙක්.

පුන්චි පුන්චි මල්පෙති අස්සෙ එහෙමෙහෙ යන මීමැස්සන්ගේ කතාබස් හොරෙන් අහන් ඉන්න ජන්කුක් තරම් ආස කරන කෙනෙක් තවත් ලෝකෙ නැති තරම්.කොල්ලාගෙ කන්පෙති අස්සට රිංගන එ දෙබස්නිසා තොල් අතරින් මැවෙන්නෙ පුන්චි දගකාර හිනාවක්.

ඉරටත් කලින් කදුමුදුනට ආපු ජන්කුක් කැමරාව ඔන් කරන් , පායන ඉරේ පින්තූර එකින් එක එකතුකරේ ඉරත් ලාවට වගෙ ලැජ්ජාවට පත්කරමින්.තොල අයිනේ තියෙන piercing එකත් එක්ක දිවෙන් සෙල්ලන් කරන ගමන් හාවෙක් වගෙ ජන්කුක් හිනාවුනේ තමන් අරගත්ත පින්තූර ඔනෙවටත් වඩා පර්ෆෙක්ට් වුන නිසා.

ජියොන් ජන්කුක්,
දකුනු කොරියාවෙ හොදම කැමරාශිල්පින්ගෙන් ලාබාලම කෙනා.
ගන්න ගන්න හැම පින්තූරෙන්ම මිනිසුන්ගෙ ඇස් වශි කරන්න තරම් හැකියාවක් ජන්කුක්ට ලැබුනේ උපතින්ම කිව්වොත් වැරැද්දක් නැ.

එ නොසන්සුන් ඇස් අස්සෙන් ඔනෙම කෙනෙක්ට මුලු මන්දාකිණියම දකින්න පුලුවන් වුනත් ජන්කුක්ට ඔනෙවුනෙ වෙන ඇස්දෙකකින් එ මන්දාකිණිය දකින්න.එක දවසකට නෙමෙයි, මුලු ජීවිත කාලෙම..!!!
ඒක කරන්න පුලුවන් ද?
ම්ම් සමහරවිට ඔව්..
ඒත් ඒ
සමහර විට!!

"යාහ් පාබෝ තොක්කියා.තමුසෙ මහ පාන්දර කදු අස්සෙ බඩගාන්නේ මොන මගුලකටද මිනිහෝව්.!! බලනවා තාම හයයි විසිපහයි.මෝඩයා මගෙ නින්දත් කෑවා.එනවා යන්න දැන්වත් ඔය රාජකීය කැමරාව මට කියලා කුඩුකරගන්නැතුව..!!!"

දනහිසක් බිම තියන් ,ගත්ත පින්තූර දිහා දත්තිස්දෙකම එලියට දාගෙන හිනාවෙවි බල බල උන්නු ජන්කුක් දබොක් ගාලා පිටිපස්සට ඉන්දවුනේ පිටිපස්සෙන් ඇහුන ටිංබෙලෙක්කෙකට පින්සිද්ද වෙන්න.වැටුන පාරට කොල්ලගෙ පස්ස රත්වෙලා ගියේ ඒ මූන වාහනේකට යටවෙච්ච තක්කාලි ගෙඩියක් කරනගමන්.

The Click !! • - Jjk ✔Where stories live. Discover now