Boyfriend

456 76 84
                                    

"ඉවියානා මැඩම් සයින් කරා බොස්, ගිය සතියෙම මැඩම් කම්පැනි වැඩ ගැන බැලුවා.අපෙන් මිස් වෙන්න තිබුන ප්‍රොජෙක්ට් තුනක්ම මැඩම් ගොඩදාලා දුන්නා.!!"

උන හැමදෙයක්ම ජන්කුක් ඉදිරියෙ දිග ඇරපු දෝමින් එහෙමම කාමරෙන් එලියට ගියෙ ජන්කුක් යන්න කියලා කිය්පු නිසා..

කටඅගට හිනාවක් ආවත් ඒ දේ මැඩගෙන ෆයිල්ස් ආයෙම ආයෙම චෙක් කරේ වැරැද්දක් හොයන්න වුනත්, කැප්ටන්ගෙ හිත දැනන් හිටියා අංශුමාත්‍රයක වැරැද්දක් ඔය එක කොලේකවත් නැති විත්තිය...

දෝමින් කිව්වා වගෙම ගිය සතියම ඉවියානා උදේම කම්පැනි ගිහින් ගොඩගැහුන වැඩ දාහක් එක්ක පොර බැදලා ආයෙම ඉක්මනට ගෙදර ආවේ කැප්ටන්ගෙ තෙරපි ඉවර වෙන්න කලින්.මොකද තෙරපි වෙලාවෙ ජින්ගෙන් බේරිලා එන්න බැරිනිසාම ඉවියනා බංගලාවෙ නැති බව කැප්ටන්ට දැනගන්න ලැබුනෙ නැ.

කොහොමහරි සතියක් පුරා එකම ජීවිකාව ගෙනයන්න ඉවිට පුලුවන් වුනෙ කැප්ටන්ටත් හොරෙන්මයි.

එ හැමදාම කැප්ටන්ගෙන් හිත රිදෙන කතාවක් අහගන්නත් ඉවිට සිද්ධ වුනත්,ජිආනාව හුරතල් කරලා කෙල්ලවත් බදන් නිදාගන්න ඉවිට ජිවිතේ ලොකු ලොකු ප්‍රශ්න එ වෙලාවට දැනුනෙ නැ.

විනාඩි දහයකට වඩා වැරැද්දක් හොයන්න ෆයිල්ස් බල බල උන්නු ජන්කුක්ට ඇහුනේ බංගලාව උඩ යන්න තරම් හයියෙන් දාපු සිංදුවක්.සද්දෙට අතෙ තිබ්බ ෆයිල් එකත් බිම වැටුනේ කොච්චර සද්දෙන් ඒක ඇහුනද කියලා කියන්න වගෙයි.

"ආශ් මොන මගුලක්ද එ?"

~ සද්දෙට හූවක්ක්ක්ක්

ඒ එක්කම යේවාගෙ කැගැහිල්ල ඇහෙද්දි කැප්ටන්ගෙ මූන අදුරුවෙලා ගියේ හූ තියන්න බංගලාවට කවද්ද නරි ආවෙ කියලා මතකයක් නැතිනිසා.

වැටුන ෆයිල් එකත් අතට අරන් ඒ ෆයිල් එකත් ඇදට විසිකරපු කැප්ටන් වීල් චෙයා එකෙන්ම ගියේ සද්දෙ එන දිහාවට.ඒ සද්දෙ හොයන් යන්න එච්චර අමාරුනොවුනෙ තමන්ගෙ කාමරේට එහාපැත්තෙ තිබුන කාමරෙන් එ සද්දෙ ආපු නිසාමයි.

නිශ්ශබ්ද බංගලාවෙ මියුසිකල් ශෝ එකක් වගෙ වෙද්දි කැප්ටන්ට මාරයා ආවෙස වුනෙ හරි ඉක්මනට.දකින දකින එකාට බනින්න හිතාගෙන ඉවිගෙ කාමරේ දොර ඇරිය කැප්ටන් දැක්කේ ඇද උඩ නටන කෙල්ලො දෙන්නෙකුයි බිම ඉදන් නටන කෙල්ලෙකුයි.

The Click !! • - Jjk ✔Waar verhalen tot leven komen. Ontdek het nu