Arrested

308 72 15
                                    

"ඔ..ඔයා"

දොර අරිද්දිම ඉවීගේ ඉනවටෙ අතයවපු ජේමින් කතාකරද්දි ඉවීට බයටම කෙලගුලියක් ගිලුනෙ උදේ ජේමින් එවපු මැසෙජ් වගෙම කෝල්ස් දැකලා.ඒවගෙ තිබුනෙ තනිකරම බයනොකර බයකිරිමක්..

"ඉවී පැටියො මොකද මගෙ කෝල්ස් ignore කරෙ අහ්?"

ඉවීගෙ ඉන තදින් මිරිකන ගමන් ජෙමින් අහද්දි ඉවී ජේමින්ව තල්ලුකරන්න හැදුවත් එ සුවිසල් ශරීරය ඉස්සරහ ඉවී පුන්චි සෙල්ලන් බඩුවක් ගානට වැටුනා.

"..i..I 'm sorry ..jemin"

"Sorry..for what babygirl.You enjoyed your time with that man again.තමුසෙ මට කියන්නෙ බලන් ඉන්න කියලද අහ්?"

ඉවීගෙ ඉන තවත් මිරිකන ගමන් කෙල්ලට කනට කරලා ජේමින් කිව්වෙ ඉස්සරහට එන ජන්කුක් දිහාට වියරු බැල්මක් හෙලමින්මයි.ජේමින් ඉවීව අල්ලන් ඉන්න විදිහෙන් කෙල්ල අපහසුවෙන් ඉන්න බව දැක්ක ජන්කුක්ගෙ අතමිටමෙලවුනත් පිටිපස්සෙන් ආපු යේවා එ අත හිමීට අල්ලගෙන ජන්කුක්ව සන්සුන් කරේ ඉවි හිතින් යේවට පින් දෙද්දිමයි.

"ජන්කු, ම..මම ජේමින් එක්ක යන්නම්.ඔ..ඔයා ලෑස්තිවෙලා එන්න."

"කියනකම් හිටියෙ ඉවියානා මැඩම්"

ජන්කුක් රළු වචනෙන් මූනටම දමලා ගහද්දි ඉවී ඇස්වල කදුලු පුරවන් හැරිලා යන ජන්කුක් දිහා බැලුවෙ මාව ඔයත් රිද්දන්නෙපා කියලා හිතින් දහස් වාරයක් හිතන ගමන්.එක තප්පරෙකටවත් ජේමින්ගෙ අත ඉවිගෙ ඉනෙන් ලිහිල් නොවෙද්දි ජේමින් ඉස්සරහට ආපු යේවා ඉවීව ඇදලා ගත්තේ ඉවි ඇදිලා ඇවිත් යේවාගෙ ඇගෙ හැපිලා නතරකරවමින්

"පරිස්සමෙන් යන්න ඉවී.අපි පස්සෙ හම්බෙමු.Be careful from your KIND HEARTED BOYFRIEND "

කින්ඩියට කියපු යේවා ඉවීගෙ කම්මුලක් අතගාලා කිචන් එකට ගියේ වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුන නිසා.ඉවීත් කිචන් එකට දුවන්න හැදුවත් ඉක්මන් උන ජේමින් ඉවිගෙ ඉනෙන් ඇදලා අරන් කෙල්ලව ඇදගෙන ආවේ වාහනෙ ලගට.

"අරූගෙ මිනිය දකින්න ඔනෙ නැත්නම් නගිනවා."

"මීට හොදයි තමුසෙ මාව මැරුවානම් තිරිසනා"

අප්පිරියා බැල්මෙන් ජේමින් දිහා බලපු ඉවි වාහනේට නැගලා දොර සද්දෙට වැහුවේ තව පොඩ්ඩක් හයියෙන් වැහුවානම් දොර කැඩිලා අතට එන ගානට වැරෙන්.කෙල්ල තමන්ගෙ දුක තරහව දොරෙන් පිටකරෙ ජන්කුක් එ වේදනාව වීදුරු කෝප්පයක් අතේම කුඩුකරලා පිටකරද්දිමයි.

The Click !! • - Jjk ✔Where stories live. Discover now