Dark Memories

310 71 37
                                    

After two weeks

සති දෙකක්,
ගෙවන්නන්වාලේ දින ගෙවන මනුස්සයෙක්ට නිකම්ම නිකම් දවස් දාහතරක්
ඒත් තමන් එක්කම යුද්ධ කරන මනුස්සයෙක්ට
එ දවස් දාහතර කල්පෙකට අන්තයි

මෙ සති දෙක ඉවීට වගේම යේවාටත්, ඒ වගේම ජන්කුක්ටත් කල්පයකටත් අන්තයි කියලා දැනුනේ.

එන්න එන්නම පැරෙන හිතක් එක්ක ජීවත්වෙලා වැඩක් තියෙද කියලා හිතෙන වාරයක් ගානේ ඉවී කරේ තනියෙන් ගිහින්  ජියොන් සහ පාර්ක් සෙමට්‍රි දෙක මැද්දට වෙලා පොලව බදන් ඇතිවෙනකම් අඩන එක.

තමන්ගෙ ඩෑඩ් ගැන හිතලාම යේවා හිටියේ පිස්සෙක් ගානට.කොච්චර මොන දෙ තමන්ට කරත් කන්ග් කියන්නෙ තමන්ගෙ ඩෑඩ් කියන දේ යේවාගෙ ඔලුවට සැරින් සැරේම වදදුන්නා.කොරෙ පිටට මරේ කියලා එක වේදනාවකට මූන දීගන්න බැරුව ඉද්දි මින්ජිත් සැරින් සැරේ යේවාට හින්ට් නොගහා හින්ට් ගැහුවෙ සැරින් සැරේ ජන්කුක් ලගට ලංවෙන්න හදන්න එපා කියලා නොකියා කියන්න වගෙ.සැනසීමක් දැනෙන තැනට යන්නත් ඔනෙවටත් වඩා බාධක එද්දි යේවාට හිතුනෙම ආයෙම කැනඩා යන්න.

සතියකට කලින් ජේමින් ඉවී එක්ක කැෆේ එකක දැක්කට පස්සෙ ජන්කුක් ඒ ගැන ඉවිගෙන් අහන්නවත් ඉවී ජේමින් සම්බන්ධ දෙයක් ජන්කුක්ට කියන්නවත් ගියේ නැ.ඒත් මොකක්දෝ කරුමෙකට ජේමින් දවසක් හැර දවසක් හො ජියොන් බංගලාව ඉස්සරහට එනකොට ජන්කුක් කරේ ඇතිවෙනකම් තමන්ගේ පන්චින් බෑග් එකට ගහලා තරහව පිටකරපු එක.නොදන්න වේදනාව හිතේ හංගගෙනම ජන්කුක් තවත් වේදනා වින්දේ කන්ග් නිසා තමන්ට නැති වුන පවුල සැරින් සැරේ හිතට ආපු නිසා.

කන්ග් ,
කමාන්ඩර් කියන තනතුරෙන් ලෝකෙටම පෙනි හිටියත්
අහිංසක මිනිස්සුන්ගෙ ලස්සන ජීවිත විනාස කරලා
තමන්ටත් තේරුමක් නොතිබ්බ ජීවිතයක් ගතකරපු මනුස්සයෙක් .
ජන්කුක්ට අනුව එ වගෙ මිනිස්සු මෙ ලොකේට සාපයක්
වැරැද්දක් තියෙද ඒ මතයෙ ?

.
.
.
.
.
.
.
.
.
.

@ Jeon banglow

"Oh my gooodd...!!"

ඉවිගේ කාමරෙන් ඇහුන බෙරිහන් දිල්ල නිසා තමන්ගෙ කාමරේට වෙලා ලැප් එක ඔබන ගමන් හිටිය ජන්කුක් ඇදෙනුත් මොකාද වගෙ පැනලා ඉවිගෙ කාමරේට දුවන් ආවෙ ඉවිට කරදරයක් කියලා හිතුන නිසා.

The Click !! • - Jjk ✔Where stories live. Discover now