Jealous !!

552 84 92
                                    

Flashback

"ඒයි ඇන්ග්‍රි බර්ඩ්, පොඩ්ඩක් හිනාවෙන්නකො"

ගාඩ්න් එකේ ඔන්චිල්ලාවට වෙලා පැද්දෙන ගමන් ඉන්න ඉවියානා පොතක් කියවන ගමන් හිටියෙ වෙනම ලෝකෙකට වෙලා.පොතනම් "හිරෝකෝ",එත් ඉවීට ඔනෙ වුනේ ජපානෙ පිපෙන සකුරාමලක් වෙන්න.මොකද හිරෝකෝ වෙනවානම් පීටර්සං නැතුව ජීවිතෙන් යම් කාලයක් තනියෙන් ගෙවන්න වෙනවා.ඒත් ඉවීට ජන්කුක් නැතුව ජීවත්වෙන්න අවශ්‍යතාවයක් තිබුනෙ නැතිතරම්.

සකුරා මල හරි ලස්සනයි
ඒත් හැමදාම දකින්නත් බැ
ඉවිත් එ වගෙ
හැමදාම ලගින් තියාගන්න බැරි සකුරා මලක්,
ඒත් ඔයා සකුරා ගහක්නම්
සකුරාව ඔයාගෙ ආත්මයෙ හැමදශමෙකම අරක්ගෙන ඉදීවි..!!

"මට බැ කොටලුවන්ගෙ කැම්වලට හිනාවෙන්න"

පොත දිහා බලන්ම ඉවි කිව්වෙ කැමරාව අයාගෙන ඉන්න ජන්කුකෙ මුන දෙක කරලා.

"කෙල්ලො කියන ජාතියම මෙහෙමද නැත්නම් මේ කෙල්ල විතරයි ද මෙහෙම,ඕයි පොඩ්ඩක් හිනාවෙනවකො,බෑන්ක් එකෙන් ගානක් කැපෙන්නැ හිනාවුනා කියලා!!"

ජන්කුක් කැමරාවෙ කාචෙට ඉවිගෙ මූන අල්ලගන්න ගමන් කියද්දි ඉවිට හිතුනෙම ජන්කුක්ව උස්සන් ගිහින් හංගගට තල්ලුකරන්න.මොකද පොතක් කියවද්දි වටෙ පිටෙ ඉන්න එකෙක් වදයක් වෙද්දි යකා ආවේස වෙන එක ඉවිගේ සාමාන්‍ය පුරුද්දක් .

"මට බැහ්!!"

"ඔයාට බැනෙ, එහෙනම් මම ඩැනියල්ගෙ පින්තූර ගන්නම්!"

ජන්කුක් ඉවිට කියද්දි ඉවිට මතක් වුනෙ කොලේජ් එකෙ ඉදන් ජන්කුක් පස්සෙන් එන ඩැනියල් කියන කෙල්ලව, එ කෙල්ලව මතක් වෙද්දිම මූන කොරහක් වෙද්දි කෙල්ල ඔන්චිල්ලාවෙන් නැගිට්‍ට නෙමෙයි පැන්නා කිව්වොත් ඒකෙනම් වරදක් නැ.

"මොකාගෙද කිව්වෙ?? අර නූල් සූත්තරකාරිගෙද? උඩටයි යටටයි ඇදුමෙන් අරික්කාලගානෙ අදින මල සමයමගෙද පින්තූර ගන්නවා කිව්වෙ??"

ඉවියානා ජන්කුක් ලගට අඩි තියන ගමන් මෝහිනී වැහිලා වගෙ බයහිතෙන විදිහට අහද්දි ජන්කුක් අඩියක් දෙකක් පස්සට ගිහින් කකුල පැටලිලා වැටුනේ පස්සත් ෆ්ලැට් වෙන්නම.

The Click !! • - Jjk ✔Where stories live. Discover now