Tears

381 78 17
                                    

Even if the earth crumbles
No matter who shakes this world
Don't let go of my hand
Please don't wake me up from this dream

"මගෙ මතකෙ හරිනම් මම මැඩම්ට කිව්වෙ කැබින් එකට වෙලා ඉන්න කියලා,"

ඉවීගේ කැබින් එකේ පුටුවෙ වාඩිවෙලා කකුලක් උඩ කකුලක් දාගෙන හිටිය ජන්කුක් අත උඩින් නිකට තියාගෙන බෙල්ල බාගෙට හරවලා ඉවීගෙන් ප්‍රශ්න කරේ ඉවීගේ මූනෙ බයක් වෙනුවට හිනාවක් මවන ගමන්.

"කො මගෙ ලැවෙන්ඩර් ??"

"අපෝ මේකෙ ඇති බලාගන්නවා.මහ ලොකු ලැවෙන්ඩර් .තමුසෙට මාව ගානක්වත් නැ නේද ලැවෙන්ඩර් මල් ,මේපල් කොළ , ඩේසි මල් , එතකොට මෙ පොත් එහෙම තියෙනකොට!!"

"You are absolutely correct mr jeon."

ජන්කුක්ට ඇහැක් ගහපු ඉවී හිනාවෙවී කැමරාව අරගෙන ලැප් එකට සම්බන්ධ කරලා ලැප් එකට එබුනේ ලැවෙන්ඩර් මල්වල පින්තූර බලන්න.හිටගෙන හිටිය ඉවී ඇදිලා ගිහින් ජන්කුක්ගේ ඔඩොක්කුවෙ ඉදන්වුනෙ ජන්කුක් කෙල්ලව ඇදලා ගත්ත නිසා.ඉවීට තඩි කෙලගුලියක් ගිලුනත් මොකුත් නොවුන ගානට ලැප් එකෙන් පින්තූර බලන්න ගත්තේ ජන්කුක් ඉවීගේ පිටට ඔලුව තියන් සැප නින්දක් දාද්දිමයි.

"ආදරෙයි ඔයාට ...."

ලැවෙන්ඩර් මල් දිහා බලන් ඉවී හිමින්සැරෙ මිමිනුවෙ ජන්කුක්ට තමන්ගෙ පිටේ ඔලුව තියන් නින්ද ගිහින් බව දන්න නිසා.ඉවී ජන්කුක්ගෙ ඔඩොක්කුවේ එහෙමම විනාඩි හතලිස්පහක්ම එකම විදිහට හිටියෙ ජන්කුක් ඇහැරෙයි කියන බයනිසා.අන්තිමට ජන්කුක්ම ඇස් ඇරලා බලද්දි ජන්කුක් දැක්කේ ඔලුව මේසෙට ගහන් නිදන් ඉන්න ඉවීව.හිමීන් සැරේ ඉවීව උස්සගත්ත ජන්කුක් , කැබින් එකෙ සෝෆා එකෙන් කෙල්ලව තියලා කැබින් එකෙ කර්ටන්ස් වහලා දැම්මෙ ඉර එලියෙන් ඉවීගෙ නින්දට එන බාධා නතරකරලා දාන්න වගෙ.

.
.
.
.
.
.
.

"සර් , ඉවි මැඩම්.."

"එයාට කරදර කරන්න එපා.ඒක නෙමෙ කො මට ගේන්න ගියපු බනානා මිල්ක් එක !!"

"අහ් සොරි සර්.මම බනානා මිල්ක් එකයි මැඩම්ගෙ කොෆි එකයි අරන් එද්දි මැඩම්ගෙ කැබින් එක ලොක්කරලා තිබ්බේ.ඉතිම් මම කතාකරන්න ගියෙ නැත්තෙ දෙන්නට කතාකරන්න දෙවල් ඇතිකියලා හිතුන නිසා."

The Click !! • - Jjk ✔Where stories live. Discover now