u're my addiction

532 78 76
                                    


"මැඩම් මැඩම්..."

"එපාහ්හ්හ්.......ආහ්හ්....."

වැස්සෙ තෙමි තෙමි දනගහන් හිටිය ඔහේ ඇස්දෙක පියන් හිටිය ඉවියානා එකපාරටම කැගැහුවේ අකුනු ගහන සද්දේ තරම් ගාඩ්න් එකටම ඇහෙන විදිහට.මෙච්චර වෙලා ඉවීව සිහියට ගන්න් හදපු අජුම්මා පවා බයවෙලා ගියෙ කෙල්ලගෙ කැගැහිල්ල නිසා.

"මැඩම්.......මැඩම් ඇයි මේ..?? අනෙ මැඩම් සන්සුන් වෙන්න!!"

ඇස්දෙක් ඇරිය ඉවිව වැස්සෙම බදාගෙන පිට අතගාන ගමන් අජුම්මා කියද්දි කෙල්ල කැරකි කැරකි වටෙ බැලුවේ මොකක්ද ඒ දැක්කෙ කියලා හිතමින්..

*හීනයක්ද?.ශිට්*

ඉවි තමන්ගෙන්ම ප්‍රශ්න කරගෙන ඇස්දෙක පියාගෙන අජුම්මගෙ ඇගට හේත්තුවුනේ පපුව රිදෙන්න තරම් දැනුන වේදනාව නිසා.

එතකොට එ හැමදෙයක්ම
ඉවිගෙ මනසෙ ඇදුන චිත්ත රූප විතරයි !!

"ඉවී මොකද මේ?? වැස්සෙ ඉදලා ලෙඩවෙන්නද ඔනෙ!! අජුම්මා මෙයව අරගෙන ඇතුලට යන්න.අර කැප්ටන් කියන මිනිහා මාව කන්න හදනවා."

කුඩයක් උස්සගෙන ගාඩ්න් එකට දුවගෙන ආපු යේවා ,ඉවීව සනසන ගමන් හිටිය අජුම්මට කියද්දි ඉවී ඇස්කරකවලා බැලුවෙ මොකක්ද එ කිව්වෙ කියලා.බංගලාවෙ දොරලග බලද්දි කෙල්ල දැක්කේ අත්දෙකත් පපුවට් බැදගෙන මරන් කන්න වගෙ බලන් ඉන්න කැප්ටන්ව.

"මම..ක්..කොච්චර වෙලා..ඉදලද...මෙ..තන??"

කෙල්ල සීතලට වෙවුලන ගමන් අහද්දි යේවා ඉවි දිහා බැලුවෙ සිරාවට මතක නැද්ද වගෙ මූඩ් එකක් එක්ක.මොකද වෙලාව අනුවනම් ඉවි වැස්සට දියවෙන්න ලංවෙලා ඉන්න තරම් වෙලාවක් කෙල්ල එලියෙ හිටියා.

"පැය දෙකක් තිස්සෙ වැස්සෙ තෙමුනා කියලා අමතකද ඉවි??"

"දෙ..දෙකක්..??.එ..එතකොට මි..මින්ජි!!"

කෙල්ලගෙ ඇස් උඩගියෙ තමන් එලියට ඇවිත් එච්චර වෙලා ගියාද කියලා හිතාගන්න බැරිවුන නිසා.ඒ එක්කම අනික් අතට මින්ජි ගැන අහද්දි යේවාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා ගානට දම්වැලක් වගෙ තේරුන්ගන්න පුලුවන් වුනා.

"සුපුරුදු ලෙස ඔප්පා එයාට කියන්න ඔනෙ දෙ කියලා යැව්වා."

"මො...මොකක්ද?".

The Click !! • - Jjk ✔Where stories live. Discover now