File No.39 - Final chapter

Beginne am Anfang
                                    

🐰 ම..මට එයා නැතුව පාලුයි හ්‍යුන්ග්..අද වගේ විශේෂ දවසක එයා මගේ ලගින්ම ඉන්නම ඕනනේ..ඒත් ඇයි එච්චර ඉක්මනට මාව දාලා ගියේ ??

🐯 අපිට දෛවය වෙනස් කරන්න බෑ කූ...එයා උඩ ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා ඇති..ඔහොම පොඩි එකෙක් වගේ අඩනකොට එයාටත් දුකයිනේ ඉතින්...

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් කියනකොට ජන්ග්කුක්ගේ ඇඩිල්ල ඉකියක් බවට පරිවර්තනය උනා..

🐱හපෝ අඩන බබා තාම අඩනවාද ?? අන්න අරහේ ඔයාගේ ෆෑන්ස්ලා පැල් බැදන් ඉන්නවා ඔයා එනකම්..ඔයා තාම මෙතන ඉදන් පොඩි එකෙක් වගේ අඩනවා..!!

සුදු මල් බොකි එකක් අරන් එන යූන්ගි කියනකොට ජන්ග්කුක් යූන්ගිට රැව්වා..අවුරුදු දහයකට කලින් නම් ඩොක්ටර් මින් යූන්ගි..ඒත් දැන් නම් ප්‍රොඩියුසර් මින් යූන්ගි...අම්මලාගේ කීමට යූන්ගි ඩොක්‍ටර් කෙනෙක් උනත් පස්සේ ජන්ග්කුක් හැමදේපලක්ම ඇතෑරලා මියුසික් තෝරගන්නකොට ජන්ග්කුක්ගේ මියුසික් ප්‍රඩියුසර් වැඩේ කරේ යූන්ගි..කාලෙත් එක්ක ජන්ග්කුක් JK විදියට ෆේමස් වෙනකොට යූන්ගි agust D විදියට ෆේමස් උනා..ඉතින් යූන්ගි කියන්නේ දැන් මියුසික් ඉන්ඩස්ට්‍රියට නැතුව ම බැරි කෙනෙක්..

🐱 ආහ්..ටේ උබ මෙතන ඉන්න එක හොදයි..අන්න උබ ජොකා පිටින් කරපු ශූට් එක උබේ ගෑනි දැකලා ඔෆිස් එක දෙවනත් කරන් උබව හොයනවා..කනක් ඇහිලා ඉන්න බැරි නිසා මන් ආවේ..

🐯 හත් දෙයියනේ...මොකාද ඒක එයාට කලින් පෙන්නුවෙ...රිලීස් වෙන දවසට ටුවර් එකක් ගිහින් චාටුවක් දාගන්න හිටියා මැදැයි...මොකාද යකෝ ඒ අලුගුත්තේරු වැඩේ කරේ ??

අත් දෙකෙන්ම ටේහ්‍යුන් ඔලුව බදන් කියනකොට අඩ අඩ හිටපු ජන්ග්කුක්ටත් හිනා ගියා..ඒක කොහොමත් සාමාන්‍යයයි...කිම් ටේහ්‍යුන්..එහෙමත් නැත්තම් ලෝක ප්‍රසිද්ධ මොඩ්ලර් වී කියන්නේ ඉතින් මේ වෙනකොට මුලු ලෝකෙම දන්න කෙනෙක්..ඒත් ඉතින් ටේහ්‍යුන්ගේ ශේඩූල් එක්ක ලොකුම වලිය තියෙන්නේ එයාගේ වයිෆ් මිනායට..මැරි කරලා හිටියත් කෙල්ලොන්ගෙන් අඩුවක් නැති ටේහ්‍යුන්ට ඉදල හිටලා එන underwears adds නිසා බෙල්ල ගහලා යන අවස්ථා නැතුවම නෙමෙයි..

Fantasy World || Ot7 || CompletedWo Geschichten leben. Entdecke jetzt