අදුරු සෙවනැලි -Chapter 05

136 16 1
                                    

Jungkook pov

අදට හ්‍යුන්ගීගේ දික්කන්ද වලව්වට ඇවිල්ලා අපි දවස් පහක් වෙනවා..මෙහෙට එනකොට අපි හැමෝම සතුටින් ආවත් මේ වෙනකොට කාගෙවත් හිත්වල කිසිම සතුටක් තිබ්බේ නෑ..ඒකට ලොකුම හේතුව ජින් හ්‍යුන්ග්ගේ අමුතු හැසිරීම..වෙන්නේ මොකක්ද කියලා නොතේරුනත් ජින් හ්‍යුන්ග් හැසිරෙන්නේ සාමාන්‍ය විදියට නෙමෙයි කියලා අපි හැමෝටම තේරුනා..

ඒක පටන් ගත්තේ එදා !!

මෙහෙට ආපු පලවෙනි දවසේ රෑ...හ්‍යුන්ග්ගේ අත තුවාල වෙලා තියෙන විදිය දැක්කාම මන් බය වෙලා මොකක්ද උනේ ඇහුවත් හ්‍යුන්ග් මුකුත්ම නොකියා එදා කාමරේට දිව්වා..මන් ඒක ගනන් නොගත්තාත් ඊලග දවසේ උදේ හ්‍යුන්ග් හයියෙන් කෑ ගහනවා ඇහිලා ටේහ්‍යුන් දුවන් ගියාම මාත් ඒ පස්සෙන් දිව්වාත් මන් දොර ලග නතර වෙලා එයා ටේටේ හ්‍යුන්ග් ඒක කතා කරපුවා ඔක්කොම මන් අහගෙන හිටියේ...මුකුත් නොවුන ගානට මන් එතනට දුවගෙන ගියත් හ්‍යුන්ග් තුවාල උන අත හංගත්තා..එවෙලෙයි මන් මෙච්චර වෙලා හිතන් හිටපු එක වැරදි කියලා හිතුනේ..ඇත්තටම මන් මෙච්චර වෙලා හිතන් හිටියේ ටේටේ හ්‍යුන්ග් බැන බැන බෙහෙත් දාන්නේ ඊයේ තුවාලෙට කියලා උනත් ඒක එහෙම නෙමෙයි කියලා තේරුනේ අලුත් තුවාලේ දැක්කාමයි..

එවෙලේ ටේටේ හ්‍යුන්ගීගෙන් ජින් හ්‍යුන්ග් කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා පොරොන්දුවක් ගත්ත නිසා අපි දෙන්නාම ඒ ගැන කාටවත්ම කිව්වේ නෑ..ඒත් දවසින් දවස හ්‍යුන්ග් අසනීප වෙනකොට කෑම අප්පිරිය කරනකොට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා..වෙනදට කෑම කිව්වොත් වෙන ලෝකයක් නැති එයා දැන් කටක් කාපු ගමන් කෑම එක විසික් කරලා වමනේ දානවා..මොකක්ද ප්‍රශ්නේ කියලා අහන හැමවෙලේම එයා කියන්නේ කෑම එකේ පණුවෝ, කැරපොත්තෝ, හකරැල්ලෝ, ගොලුබෙල්ලෝ වගේ සත්තු ඉන්නවා කියලා..ඒත් අපිට නම් ඒ කිසිම දෙයක් පෙනුනේ නෑ..අපි ඩොක්ටර් කෙනෙක් ලගට යමුද ඇහුවත් හ්‍යුන්ග් ඒකට කැමති උනේ නෑ..නොදන්න රටක ඉන්න නිසා බලෙන් අරන් යන්න විදියක් තිබ්බෙත් නෑ..මේ වෙලේ තමයි අපි කොරියාවෙ හිටියා නම් හොදයි කියලා හිතුනේ..ඊයේ වෙනකම් ඉවසගෙන හිටියත් ඊයේ උන දේත් එක්ක අපිට හිතුන එකම දේ තවත් ජින් හ්‍යුන්ග්ව ඩොක්ටර් කෙනෙක්ට නොපෙන්වා තියාගන්න බැහැ කියන එකයි..

Fantasy World || Ot7 || CompletedUnde poveștirile trăiesc. Descoperă acum