මේඝා - Chapter 05

89 18 8
                                    

මූගල් අධිරාජ්‍ය

.

.

🐨 මෑණියනි !! ඔබ කුමක් කරන්නද හදන්නේ ??

නිශ්ශබ්ධව ඇස් පියාගෙන සිටින රැජින ලගට ආව නම්ජුන් සද්දෙන් ඇහුවේ කේන්තියෙන්..ඒ කටහඩේ කේන්තිය , බය පිරිලා තියෙනවා එතන ඉන්න ඕනම කෙනෙක්ට හොදින්ම තේරුනා..රැජිනගේ ඔඩොක්කුවේ ඔලුව තියන් හිටිය සොකී කුමරිය පවා ගැස්සිලා ගිහින් නම්ජුන් දෙස බැලුවේ කුතුහලෙන්..සොකී නම්ජුන්ට මෙච්චර කේන්ති ගිහින් ඉන්නවා දැක්කාමයි..

👑️ ඔබ කුමක් ගැනද අසන්නේ නම්ජුන් ??

රැජින කිසිම කලබලයක් නැතුව සංයමයකින් අහනකොට නම්ජුන්ට තවත් කේන්ති ගියා..නම්ජුන්ගේ කේන්තියෙන් රතුවෙලා තියෙන ඇස් දැක්කාම සොකී බය වෙලා වගේ බලන් හිටියේ..

🐨 සොකීගේ විවාහය ගැන !!

නම්ජුන් කේන්තියෙන් සද්දෙන් කියනකොට සොකී ගැස්සිලා ගිහින් පුංචි මුව පැටියෙක් වගේ රැජිනට තුරුල් උනා..නම්ජුන් කතා කරන්න හදන්නේ මොකක්ද කියලා තේරුන නිසා රැජින ඉක්මනට එයාගේ සේවිකාවන් ටිකව කාමරෙන් එලියට යැව්වේ ආරක්ෂාව තහවුරු කරගන්නයි.

👑️ දැන් පවසන්න නම්ජුන්..

🐨 පවසන්න ?? මෑණියනි !!!

👑️ නම්ජුන් !! කේන්ති අරන් කිසිම දෙයක් කරන්න බැහැ කියලා ඔබ දන්නවා...මුලින් සන්සුන් වෙලා ඉන්න !!

කලින් වගේ සන්සුන්ව නොවී කේන්තියෙන් රැජින කියනකොට සොකී බයටම රැජිනගේ ඔඩොක්කුවෙන් නැගිටලා එහාට උනා..සොකී බය වෙලා ඉන්නේ කියලා දැක්ක රැජිනයි නම්ජුනුයි ලොකු හුස්මක් පහලට දාලා තමන්ව පාලනය කරගත්තා..එයාලා දෙන්නාටම කේන්ති අරන් මුකුත්ම කරන්න බැහැ කියලා දන්නවා වගේම එයාලගේ පුංචි හුරතලේව බය කරන්න ඕනෙත් නෑ කියලා..

🐨 සමාවෙන්න මෑණියනි...

👑️ දැන් කියන්න ජූන්..

🐨 මෑනියනි..මේ විවාහය අපි කරන්නේ කොහොමද ?? ඔබ දන්නවා සොකි -

නම්ජුන් කියන්න ගියත් සොකීව දැක්ක ගමන් නම්ජුන් කියන්න ගිය එක නතර කරා..නම්ජුන්ට තාම විශ්වාස නෑ සොකී ඇත්ත දැනගන්න කාලේ හරිද කියලා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now