අදුරු සෙවනැලි - Chapter 02

125 20 4
                                    

🐹 ඔහ් අලිමුර මමා !! ඔයා තාම මෙහෙ මුරකරනවාද ??

පැය කිහිපයක ගමනකින් පස්සේ වලව්වේ මේයින් ගේට් එක ලගට ඩ්‍රයිවර් වාහනේ ගෙනාවම කොහෙදෝ ඉදන් ආව වයසක මනුස්සයෙක් කඩිමුඩියේ ගේට් එක ඇරියා..ඒ රූපේ දැකලා හුරු වෙනකොට මන් හිමීට වෑන් එකෙන් බැස්සේ ඒ මූන තව ටිකක් ලගට ගිහින් බලන්න තිබ්බ උවමනාවට වෙනකොට අවුරුදු ගානකට පස්සේ උනත් ඒ අහින්සක හිනාව මට අදුරගන්න අමාරු උනේ නෑ..

🌱 දෙයියනේ පුංචි මහත්තයා නේද මේහ් ??

දත් නැති කටෙන් හිනා වෙන ගමන් මගේ ලගට ඇවිල්ලා අහනකොට මට පුදුම හිතුනා..මන් මෙහෙන් ගිහින් අවුරුදු 15ක් වෙනකොට ඒ කාලේ පුංචියට හිටපු මාව කොහොම මේ වයසක මනුස්සයා අදුරගත්තාද කියලා හිතාගන්න බැහැ..

🐹 මාමාට මාව මතකද ??

🌱 නැතුව...පුංචි මහත්තයා ඉස්සර වගේමයිනේ...තවත් ලස්සන වෙලා..ආසාවේ බෑ..

මගේ අත ඒ වයසට ගිහින් රැලි වැටුන අත්වලින් අල්ලන් කියනකොට මන් හිනා උනා...

🌱 යමු පුංචි මහත්තයා...මට නෝනේ කිව්වා මහත්තයා යාලුවෝ එක්කයි එන්නේ කියලා..

🐹 ඔව් මාමේ...මගේ යාලුවෝ හය දෙනෙක් ඉන්නවා තව...මාමා කාමර ලෑස්ති කරා නේද ??

🌱 මන් කාමර නම් ලෑස්ති කරා....මට නෝනේ කිව්වේ නෑනේ මහත්තයැලෑ යාලුවෝ 6ක් ඉන්නවයි කියලා...මන් කාමර හතරයි අස්කොරේ..

🐹 ඒකට කමක් නෑ මාමේ...අපි ටිකට ඒ ඇති...මාමාත් වලව්වට වෑන් එකේම යමු..

🌱 අපෝ මට ඕවැයැ ගිහින් හුරු නෑ නොවෑ..පුංචි මහත්තයා යන්නකෝ...මෙන්න යතුරු...මන් පහල කාමර තුනයි උඩ පුංචි මහත්තයාගේ පරන කාමරෙයි අස් කරේ...අනෙක්වා ඉබි යතුරු දාලා වහලා තියෙන්නේ..මහත්තයාලා ගිහින් පිරිසිදු වෙන්නකෝ...මන් ලතාට කියන්නම් මහත්තයාලට කෑම හදන් එන්න කියලා..

🐹 හරි මාමේ..අපි එනගමන් දවල්ට කෑවා..ලතා නැන්දාට රෑට කෑම ගේන්න කියන්න..

මන් හිනා වෙලා අලිමුර මාමා එක්ක කතා කරලා වෑන් එකට ආයි එනකොට කට්ටියම කටවල් ඇරන් මන් දිහා බලන් ඉන්න විදිය දැක්කාම මට හිනා ගියා..එයාලට ඉතින් සිංහල බැරි නිසා මන් කතා කරපු කිසිම දෙයක් තේරෙන්නෙ නැතුව ඇති..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now