සැඩ රළ - chapter 03

75 13 5
                                    

🦄 සේරා...

කෙල්ල යාන්තම් ඇස් අරිනකොට එයාගේ ලග යූන්ගිව බලාපොරොත්තු උනත් ලග ඉන්නේ හොබී කියලා දැනගත්තාම කෙල්ල හොබීගේ දිහා හරිම අසරණ විදියට බැලුවා.

❤️ හොබි..මගේ යූන් කෝ ?? මන් මහ නරක හීනයක් දැක්කනේ හොබි....ඔයා මට කිව්වනේ මගේ යූන් මාව දාලා ගියා කියලා..ඒක බොරු නේද හොබි ?? මගේ යූන් මාව දාලා ගියේ නෑ නේද ?? මේක විහිලුවක් නේද හොබි ?? කියන්නකෝ...

කෙල්ල අඩ අඩ හොබිගේ කොලර් එකෙන් අල්ලන් කියනකොට හොබි එයාගේ සාක්කුවෙන් කෙල්ලට ලියුමක් දුන්නා.

🦄 මේක ගන්න..මේක ඔයා වෙනුවෙන් යූන්ගි ලියපු ලියුමක්..එතකොට මේ පුංචි ලියුම මූන්ට...

හොබි ලියුම් දෙක සේරගේ අතට දීලා ටිකක් එහාට උනේ කෙල්ලට ඒක කියවන්න වෙලාව දීලායි..ඇස්වල කදුලු බේරෙනකොට ඒවා අතින් පිහිද පිහිද කෙල්ල ලියුම කියවන්න පටන් ගත්තා..

..............................................................................................

සේරා..මගේ මැණික ,

ඔයා මේ ලියුම කියවනවා කියන්නෙ අනිවාර්යයෙන්ම මන් ඔයාගෙන් ඈතට ගිහින් කියන එක රත්තරන්...මුලින්ම මන් ඒකට ඔයාගෙන් සමාව ඉල්ලනවා..මිශන් එකකට යන්න කලින් මේ ලියුම හැමදාම ලිව්වත් මන් හැමදාම ප්‍ර්‍රාර්ථනා කරේ ඔයාගේ අතට මේ ලියුම ලැබෙන්න එපා කියලා..මට ඕන නෑ මැණික ඔයාවයි දරු පැටව් දෙන්නවයි දාලා යන්න..ඒත් දෛවය මට ඉන්න දෙන්නේ මෙච්චරයි නම් මන් මොනවා කරන්නද ?? මට සමාව දෙනවා නේද මැණිකව දාලා යන එකට...සමාව දෙන්න අමාරු උනත් සමාව දෙන්න රත්තරන්..මන් මැරුනොත් මැරෙන්නේ ඔයා වගේ අහින්සකයෝ දහස් ගානක් බේරගන්නයි, මගේ පැටියා වගේ පැටව් දහස් ගානක් බේරගන්නයි ගිහිල්ලනේ...ඒ නිසා සමාව දෙනවා නේද ?? මන් දන්නවා ඔයා මට සමාව දෙනවා කියලා..මගේ සේර ඒ තරම්ම අහින්සකයිනේ..

මගේ අහින්සකි..ඔයාව දාලා යන්න හිත හදාගන්න බෑ රත්තරන්..ඒත් මට යන්න වෙනවනේ..මට පොරොන්දු වෙනවද මගේ පැටව් දෙන්නව බලාගෙන පරිස්සමින් ඉන්නවා කියලා ?? මූන් එයාගේ අප්පා ගැන අහනකොට කියන්න අප්පා අහසේ තරුවක් වෙලා එයා දිහා බලන් ඉන්නවා කියලා..එතකොට මගේ බන්ඩියේ ඉන්න දගයට කියන්න එලියට එන්න කලින්ම අප්පට යන්න උන එකට සමාවෙන්න කියලා..මන් අහසේ ඉදන් ඔයාලා දිහා බලාගෙන ඉන්නම්...දැන් ඇති තරම් අඩන්න..දුක නැති වෙනකම් අඩන්න..ඒත් මාව වැලලුවට පස්සේ අඩන්න එපා මැණික...හිත ශක්තිමත් කරන් දරු පැටව් දෙන්නා එක්ක සතුටින් ඉන්න...ඔයාට මන් වගේ ආදරේ කරන කෙනෙක් හම්බුනොත් එයා ලගට යන්න..මගේ දරු පැටව් දෙන්නාටත් එයාට ආදරේ කරන්න පුළුවන් නම් විතරක් යන්න හොදද ??

Fantasy World || Ot7 || CompletedOù les histoires vivent. Découvrez maintenant