අදුරු සෙවනැලි - Final Chapter

133 17 21
                                    

🌱 ෆාදර්..

තාමත් සිහිය නැතුව ඇදට වෙලා ඉන්න ජින්ගේ ඔලුව අතගාන ගමන් හිටිය ෆාදර් ලගට ඇවිල්ලා ලිලී කතා කරනකොට ෆාදර් ලිලී දිහා බැලුවා.

✝️ දරුවෝ ??

🌱 ජින් ඔප්පාට තාම සිහිය ආවේ නැද්ද ??

✝️ එයාගේ ඇග දුර්වලයි දරුවෝ...ඒ නිසා අද නැගිටින එකක් නෑ...අනිත් දරුවන්ට බෙහෙත් කරාද ??

🌱 හ්ම්....ජිමින් ඔප්පාට සිහිය ආවා..කුකීට චුට්ටක් අමාරුයි..එයාගේ ඇග හැමතැනම කැපිලා..

✝️ බය වෙන්න එපා..හැමෝටම හෙට වෙනකොට සුව වෙයි..ඔය දරුවාට දැන් කොහොමද ??

ලිලීගේ නලලේ තියෙන තුවාලේ දිහා බලාගෙන ෆාදර් අහනකොට ලිලී යාන්තම් හිනා උනා..

🌱 මට ප්‍රශ්නයක් නෑ ෆාදර්..

ලිලී කියනකොට එතනින් එහාට තිබ්බේ ලොකු නිශ්ශබ්දතාවයක්..ඒත් ඒ නිශ්ශබ්දතාවය බිදලා ලිලී ආයි කතා කරන්න පටන් ගත්තා.

🌱 ෆාදර් ??

✝️ මන් දන්නවා ඔය දරුවා අහන්න යන එක ගැන...මන් හිතන්නේ ජින් ඔයාලගෙන් හුගක් දේවල් හංගලා වගේ..

🌱 හ්ම්..අපිට ඒ මොනවාද කියලා දැනගන්න ඕන..ජින් ඔප්පාගේ මල්ලිලා අහන්න කිව්වා ෆාදර් එයාව දන්නවාද කියලා ?? ඒ වගේම මේ වෙන දේවලුත්..

ලිලී කියනකොට යාන්තම් හිනා උන ෆාදර් එහෙම්ම නැගිටලා ජනේලේ ලගට ගිහින් අහස දිහා බලාගෙන කතා කරන්න පටන් ගත්තා.

✝️ ජින් නොකියපු දේවල් මන් කියන එක හරිද දන්නේ නෑ...ඒත් මේ වෙලේ ඔයාලා හැම දෙයක්ම දැනගෙන ඉන්න එක හොද වෙයි..මොකද ජින් නැගිට්ටාම මෙතන කලබල කරන්න ගත්තොත් මේ හැම දෙයක්ම ඔයාලා දැනගෙන ඉන්න එක ඔයාලට හොද වෙයි..

ලොකු හුස්මක් ගත්ත ෆාදර් අවුරුදු ගානක අතීතේ එයා දන්න හැමදෙයක් ගැනම කියන්න පටන් ගත්තා..

✝️ ඒ කාලේ මන් තරුණයි දරුවෝ...මන් මෙහෙ පල්ලියට පත් වීම අරන් ආපු මුල්ම කාලේ මේ දේවල් සිද්ද උනේ..අපි දැන් මේ ඉන්න දික්කන්ද වලව්ව මිනිස්සුන්ට හැම වෙලේම කුතුහලය ගෙනාපු තැනක්..මොකද මිනිස්සු කවුරුත් මේ වලව්ව ඇතුලට ගිහින් නෑ..අඩුම අලිමුර මාමාවත්...

Fantasy World || Ot7 || CompletedNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ