මේඝා - Final chapter

105 19 10
                                    

@seoul hospital

🐰 හ්‍යුන්ගී....ඔයාට දැන්වත් නැගිටින්න අදහසක් නැද්ද හ්‍යුන්ග් ?? ඔයා නැතුව පාලුයි..ඩාන්සින්ග් ප්‍රැක්ටිස් එකක්වත් කරන්න හිතෙන්නේ නෑ..

තාමත් සිහිය නැතුව ඉන්න හෝසියොක්ගේ අතක් අල්ලන් ජන්ග්කුක් කිව්වේ ඒ දිහා බලන් ඉන්න බැරිම තැනයි..ජන්ග්කුක්ට දුකයි..ඒක දරාගන්න බැරිම තරම්..යූන්මින් දෙන්නාට පස්සේ හොසියෝක් ලග වැඩිපුරම රැදුන කෙනා ජන්ග්කුක්..අදත් ඒ වගේ දවසක්..ජිමින් එක දිගට දකින හීන නිසා එයා මානසිකව උපරිමේටම කඩන් වැටිලා හිටියේ..ඒ නිසා එයා ගොඩක් වෙලාවට රැදුනේ යූන්ගි ලග..හැමවෙලේම තමන් අතින් හෝසියොක්ව ඝාතනය වෙන එක හීනෙන් දකින එක ජිමින්ට එපා වෙලා තිබ්බේ..ජිමින්ට හැමදාම පේන මේ එකම හීනේ මෙම්බර්ස්ලා අතර රහසක් නෙමෙයි..ඒ නිසායි අද හෝසියොක් ලග ඉන්න එක ජන්ග්කුක් භාරගත්තේ..

🐰 හ්..හ්‍යුන්ග්..??

නොහිතුව විදියට හෝසියොක් එකපාරටම දගලන්න ගන්නකොට ජන්ග්කුක් බය උනා..මුලින් මුලින් හෝසියොක් හිමීට ගැහුනත් එකපාරටම හෝසියොක්ට හුස්ම ගන්න අමාරු වෙලා හයියෙන් ගැහෙන්න ගන්නකොට හෝසියොක්ගේ හාර්ට් බීට් එක අඩු වෙනවා කියලා දැක්ක ජන්ග්කුක් ගැහෙන කකුල් එක්ක දුවගෙන ගියේ ඩොක්ටරව එක්කන් එන්න.

තවත් විනාඩි ගානකදි ඩොක්ටරස්ලා නර්ස්ලා වට වෙලා හෝසියොක්ට ඉලෙක්ට්‍රික් ශොක් එක දෙනකොට ජන්ග්කුක් හිටියේ කෙලින් හිටගෙන ඉන්න තරම්වත් ශක්තියකින් නෙමෙයි..කාලය ටිකෙන් ටික ගත වෙලා තුන්වෙනි ඉලෙක්ට්‍රික් ශොක් එකට හෝසියොක්ගේ හාර්ට් බීට් එක ආයි වැඩි වෙනකොට ඩොක්ටර්ස්ලා වගේම ජන්ග්කුකත් සැනසුම් හුස්මක් ගත්තේ..

🐰 හ්..හ්‍යුන්ග් ??

ඩොක්ටර්ස්ලා හෝසියොක්ව චෙක් කරන අතරේ ඒ මැලවුන මූන දිහා බලාගෙන හිටපු ජන්ග්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනේ හෝසියොක්ගේ ඇහි පිහාටු හෙලවෙනවා දැක්ක නිසායි..

🐰 ඩොක්ටර් එයා නැගිටින්න හදන්නේ ??

ජන්ග්කුක් සතුටටම කෑ ගහනකොට ඩොක්ටරස්ලවත් පුදුම කරමින් හෝසියොක් ඇස් ඇරියා..නමුත් ඇස් ඇරපු ක්ෂණිකයෙන් හෝසියොක්ගේ ඇස්වල කදුලු පිරිලා එයා එයා කෙනෙක්ව හොයනවා වගේ පේනකොට ඩොක්ටර්ස්ලා හෝසියොක්ට තව ලන් උනා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now