My Alpha - chapter 3

211 36 3
                                    

ඊයේ ටේහ්‍යුන් කාමරේට ඇවිල්ලා ගියාට පස්සේ ලැජ්ජාවටම ජන්ග්කුක් ඊයේ දවසටම එලියට ආවේ නෑ..කෑම එක පවා යූන්ගි ජන්ග්කුක්ගේ කාමරේට ගෙනත් දුන්නාම ජන්ග්කුක් ඊයේ දවසෙම හිටියෙ ඒ නිල් ඇස්වලින් හැංගිලා..ඒත් ඉතින් ආපු වැඩේ කරන්න ඕන නිසා පුරුෂ ශක්තිය අරන් ජන්ග්කුක් එලියට ආවත් නිල් ඇස්වල අයිතිකාරයාව මග හරින්න ජන්ග්කුක් ලොකු උත්සායක් දැරුවා..

උදේ කෑම කන වෙලේත් ජන්ග්කුක් ප්ලේට් එක දිහාම බලාගෙන කෑවට ටේහ්‍යුන්ගේ නිල් ඇස්නම් තිබ්බේ ජන්ග්කුක් ලග..ඒ ඇස් ජන්ග්කුක් ලගදි දිලිසෙන ගමන් ජන්ග්කුකව ගිලින්න වගේ බලන් ඉන්නකොට ටේහ්‍යුන්ගේ මේ අමුතු හැසීරීම නිසාම යූන්ගි ,ජන්ග්කුක් හැරෙන්න හැමෝටම තේරුනා ජන්ග්කුක් කියන්නේ ටේහ්‍යුන්ගේ මේට් කියලා..එයාල ඒක කොහොමත් බලාපොරොත්තු උන නිසා ඇත්තටම එයාලට ඒක ලොකු පුදුමයක් නෑ..සද දෙව්දුව ටේහ්‍යුන් , ජන්ග්කුක් බඩට එන්නත් කලිනුයි එයාලගේ දෛවය ගැන අනාවැකි තිබ්බේ..

කොහොම හරි කාලා බීලා ඉවර කරලා ජන්ග්කුක් හිටියේ හෝසියොක්ට එයාලගේ ප්‍රොජෙක්ටර් එක ගැන කියලා දෙන ගමන්..එයා හිතුවට මේ ප්‍රොජෙක්ටර් එක ගැන කියලා දෙන්න හෝසියොක්ලට අමාරු වෙයි කියලා ඒක එච්චරටම අමාරු උනේ නෑ..මොකද ජන්ග්කුක් හිතුවට වඩා එයාලා හුගක් බුද්ධිමත්..ඒ වගේම හොදට english උනත් හෝසියොක්ට , ටේහ්‍යුන්ට, ජිමින්ට කතා කරන්න පුලුවන්..ජන්ග්කුක් මුලදි ඒකට පුදුම උනත් ටේහ්‍යුන්, ජිමින් කියන්නේ බුසාන් වල හොදම කොලේජ් එකේ ඉගෙන ගෙන බෙස්ට් ස්කෝර් එකකින් කැම්පස් ගිය දෙන්නෙක් කිව්වාම ජන්ග්කුක් වගේම යූන්ගිත් තේරුම් ගත්තා එයා මෙච්චර දවස් එයාලා ගැන හිතුවා වැරදි කියලා..

🦄 මේ ප්‍රොජෙක්ටර් එකට අනුව හයිවේ එක හදන්න නම් අපි කැලේ ගස් කපන්න ඕනනේ..

🐰 දේ...හයිවේ එක යන්නේ කැලේ මැද්දෙන් නිසා අපිට ගස් කපන්න වෙනවා..හයිවේ එක හැදුවාම ඔයාලට උනත් ලොකු වාසියක් ලැබෙයි...ඕන නම් මට පුලුවන් ඔයාලට ටවුන් එකෙන් ෆ්ලැට් එකක් උනත් පාස් කරලා දෙන්න..එතකොට මෙහෙම කැලෙ ඇතුලේ ඉන්න ඕන නෑනේ !!

ජන්ග්කුක් කිසිම ගානක් නැතුව ඒ දේවල් කිව්වාත් කැලේ එක්කම හැදුන කැලෙට පන වගේ ආදරේ කරන අයට ඒක හිතන්නවත් ලේසි දෙයක් උනේ නෑ..ජන්ග්කුක් කියන්නේ නම්ජුන්ගේ දරුවා නෙමෙයි නම් හෝසියොක් මේ වෙනකොටත් ජන්ග්කුකව මෙහෙන් එලවලා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now