අදුරු සෙවනැලි - Chapter 01

340 25 3
                                    

Brotherhood

Story category : Horror

Main character : Kim Seokjin

.......................................... ♡....................................

Jin pov

මන් හිටියේ වලව්වක ඇතුලෙ..මට මතක නෑ ඇත්තටම මන් මෙහෙට ආවේ කොහොමද කියලා..මට මෙහෙට කවදාවත්ම එන්න ඕන කමක් තිබ්බේ නෑ...ඒ අදුරු මතක මගේ හිත හැමවෙලේම රිද්දනවා..ඒ නිසා මට මෙහෙට එන්න ඕන උනේ නෑ..ඒත් මන් මෙතන !!

අදුරෙන් වැහිලා ගිහින් තැන් තැන් වල තියෙන ලාවට පිච්චීගෙන යන බල්බ්වලින් ගෙනාවෙත් කහ පාට ලා ආලෝකයක් විතරයි..වලව්ව පුරාම තිබ්බ සීතලත් එක්ක මගේ ඇගට දැනුනේ දරාගන්න බැරි තරම් වෙහෙසක්..මන් වලව්ව පුරාම මගේ ඇස් ඇරන් යන ගමන් එහෙම්ම බැලුවේ වලව්ව හරි මැද්දෙන් හදල තියෙන උඩට යන්න පුලුවන් පඩිපෙල...පඩිපෙලේ තැන් තැන් කැඩිලා ගිහින් වගෙම පඩිපෙල පුරාම මකුළු දැල්වලින් පිරිලා තිබ්බේ හරියට අවුරුදු ගානකින් කවුරුත්ම උඩ තට්ටුවට ගිහින් නැ කියලා පෙන්නන වගෙයි..

" සුදු අයියා...."

එකපාරටම ඇහුන පුංචි කෙල්ලෙක්ගේ කටහඩකින් මාව ගැස්සිලා ගියත් වට පිටේ පේන්න කවුරුත් නැති නිසා ඒක මගේ හිත ඇදුන දෙයක් කියලා හිත හදාගන්නයි මට ඕන උනේ...ඒත් ඒක ලේසි උනේ නෑ..මට ආයි ඒ කටහඩ ඇහුනා..කලින්ටත් වඩා දෝංකාර දීලා...

" සුදු අයියා පහල මොකෝ කරන්නේ ?? එන්නකෝ උඩට !! "

ඒ පුංචි දෝංකාර දෙන කටහඩ ඇහෙනකොට මන් ආයි වට පිට බැලුවේ එයා කාටද අඩගහන්නේ කියලා හිතාගන්න බැරුවයි..ඒත් මන් පිටිපස්ස හැරිලා ඉස්සරහ බලන ඩින්ගට මට මගේ ඇස් අදහ ගන්න බැරි උනා..මන් මෙච්චර වෙලා දැක්ක ගරාවැටුන පඩිපෙල වෙනුවට තිබ්බේ නවීනපන්නයේ පඩිපෙලක්...කිසිම සීරීමක්වත් නැති මකුලු දැලක්වත් නැති අලුතෙන්ම හදපු පඩිපෙලක්..

" සුදු අයියා ඔයා එනවාද නැද්ද ?? "

ආයි ඒ කටහඩ උඩ තට්‍ටුවෙන් ඇහෙනකොට මන් උඩ බැලුවා..එතකොටම මන් දැක්කා සුදු ගවුමක් ඇදගත්ත පුංචි කෙල්ලෙක් හිනා වෙවී උඩ තට්ටුවේ කාමරේක ඉදන් ඒකටම මුමුනලා තියෙන අනිත් කාමරේට දුවනවා...ඒ දසුනත් එක්ක මගේ ඇග හිරිවැටිලා යනකොට පිටිපස්සෙන් ඇහුන කටහඩට මගේ ඇගම පන නැතුව ගියා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now