File No.39 - Chapter 03

121 18 3
                                    

එක තප්පරේකින් ජිවිතේ හැමදේම වෙනස් වෙනවා කියන එක විශ්වාස කරන්න පුලුවන්ද ?? ඔයා ඒ දේ විශ්වාස කරත් නොකරත් ඒකයි ඇත්ත..එකම එක තප්පරයක්, එකම එකම පුංචි හේතුවක්, එකම එක මැසේජ් එකක් හොදටම ඇති කෙනෙක්ගේ ජිවිතේ සම්පූර්ණයෙන්ම කණපිට ගහන්න..

ඉතින් ජින්ගේ ජිවිතේට උනෙත් ඒකමයි..ජින්ගේ බර්ත් දේ එක දවසේ ඉදන් මේ වෙනකොට සති දෙකක් ගෙවිලා ගිහින් තිබ්බා වගේම ජින්ගේ විතරක් නෙමෙයි නම්ජුන්, යූන්ගි, හොබි, ජිමින්, ටේහ්‍යුන් වගේම ජන්ග්කුක්ගේ ජිවිතත් වෙනස් වෙලායි තිබ්බේ..ඩෝර්ම් එක පුරාම තිබ්බ හිනා සද්දවල් නැතුම වෙලා ගිහින් මුලු ඩෝර්ම් එකම අමු සොහොන් පිට්ටනියක් වෙනකොට කිසිම හේතුවක් නොදැන හැමෝම ඔහේ වෙන දේවල් බලන් හිටියා..

එදා ජින් අඩලා අඩලාම අසනීප උනාට පස්සේ ජින් දවස් දෙකක් උන හැදිලා ඕන නම් ඇදේ ඉන්න ඇති..ඒත් ඔයාලා විශ්වාස කරන්න එදායින් පස්සේ ජින් ඇදේ ඉන්නේම නැතුව ඇති..උදේට ලෙක්චර්ස් ඉවර වෙලා එහෙම්ම යන ජින් ආයි එන්නේ මහ පාන්දර වෙනකොට ජිවිතේට ඇල්කොහොල් පාවිච්චි නොකරපු ජින් හැමදාම එන්නේ වෙරිමතින් බෝතලයක් අතේ තියන් වෙනකොට හැමෝටම උනේ ජින්ගේ මේ හැසිරීම දිහා දුකින් බලාගෙන ඉන්නයි..ජින් ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා නොකියන නිසා බලන්න ඉන්න බැරිම තැන ජින්ගේ ෆෝන් එක චෙක් කරන්න හැදුවත් ජින් ඒක දැක්ක නිසා ෆෝන් එක ගන්න ගිහින් නම්ජුන් අතින් ජින්ගේ ෆෝන් එක වතුරට වැටුනා..ඉතින් එයාලගේ අවසාන බලාපොත්තුවත් නැති වෙනකොට වෙන දෙයක් බලන් ඉන්නවා හැරෙන්න එයාලටත් කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නෑ..දවසින් දවස ජින්ගේ තත්ත්වේ දරුණු වෙනකොට ඩෝර්ම් එකේ රැදෙන කාලේ සීමිත උනා..ජන්ග්කුක්ව මුන ගැහෙන හැම වෙලේම මගාරින්නත් ටේහ්‍යුන් එයාව බදාගන්න එනකොට තල්ලු කරලා දාන්නත් තරම් ජින් වෙනස් වෙනකොට ඒ වෙනස දරාගන්න කාටවත් පුලුවන් උනේ නෑ..වෙන්වෙලා තිබ්බ හදවත් වල පුරුක ජින් වෙනකොට පුරුකම දැන් ඉරි තැලිලා ගිහින් නිසා එයාලා අතර තිබ්බ සම්බන්ධතාත් ටිකෙන් ටික බිදවැටෙමින් තිබ්බා..

ජින් ගෙදර ඉන්න දවස් වල හැමෝම අනිවාර්යයෙන්ම මේසෙට ඇවිල්ලා කන්න ඕන උනත්, හැම ඉරිදාම මොන වැඩේ තිබ්බාත් එයාලා හත් දෙනාම එකට ඇවිදින්න ගියත් මේ වෙනකොට එයාලා හත් දෙනාම එක තැන හිටපු තැන් නැති තරම්..කොලේජ් එකේ කෑම මේසෙදිවත් ජින් එන්නේ නැති තැන හැමෝම කෑම අතගෑවා මිසක් හරියට කෑවේ නෑ..ඩෝර්ම් එකේදි යූන්ගි හරි හොබි හරි ඉව්වත් ජින්ගේ කෑම වල රස එයාලට දෙන්න බැරි උනා..ඒ නිසා ගොඩක් වෙලාවට උනේ හැමෝම කටක් කාලා හූල්ලලා කෑම කන එක නතර කරපු එකයි..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now