Forget me not - Chapter 03

106 11 3
                                    

ආදරණීය ඩයරි,

දන්නවාද සීත කාලෙට හුගක් තරු තියෙන්නේ ඇයි කියලා ?? ඒ තරු අපිට ආදරේ නිසා..එයාලා අපි ගැන දන්නවා..සීත කාලෙට තියෙන අදුර නැති කරන්නයි තරු තියෙන්නේ..ඒත් මිනිස්සු හුගක් ඒක දන්නේ නෑ..තරු අපේ අදුර නැති කරත් තරු වෙනුවෙන් අපිට කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ..

මීට,
තරුවක් වෙන්න මගබලන් ඉන්න කණාමැදිරියෙක්.

.......................................... ♡....................................

🐰 ඔම්මා...අද රෑට මගේ යාලුවෙක් එනවා ඩිනර් එකට !!

ජන්ග්කුක් සාලේ ඉදන්ම කෑ ගහනකොට ජන්ග්කුක්ගේ ටෝන් එකටම කිචන් එකේ හිටපු මිසිස් ජියෝනුත් හරී කියලා කෑ ගහනකොට ජින් දෙපැත්තට ඔලුව වැනුවා..අම්මායි පුතායි දෙන්නම එකයි.

🐹 එපාර කවුද එන යාලුවා කුකී ??

🐰 ආවම බලන්නකෝ...

ජන්ග්කුක් මනමාල පාට හිනාවක් දාගෙන කියනකොට ජින් ඇස් හීනි කරලා ජන්ග්කුක් දිහා බැලුවා..ජන්ග්කුක්ගේ යාලුවෝ සත පහකට විශ්වාස කරන්න බෑ !!

🐹 මේ පාරත් යාලුවෙක් කියලා බල්ලෙක් හරි තඩි හරකෙක් හරි නෙමෙයි නේද එක්කන් එන්නේ ??

ජන්ග්කුක්ගේ වැඩ ශුවර් නැති නිසාම ජින් සැකෙන් අහනකොට ජන්ග්කුක් ජින්ට රැව්වා..

🐰 යාහ් හ්‍යුන්ග්...එයාලා එක්ක ඩිනර් ටේබල් එකේ ඉදන් කන්න බෑනේ..මේ පාර එන්නේ මනුස්සයෙක් !!

🐹 කෙල්ලෙක්ද කොල්ලෙක්ද ??

ජින් කටකොනේ හිනාවක් එක්ක අහනකොට ජන්ග්කුක්ගේ මූන රතු වෙනවා ජින් දැක්කා..ජන්ග්කුක් රතු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි ජින්ජිබරිස් එකක් තමයි කියලා ජින්ට ඉවෙන් වගේ තේරුනා.

🐰 ආවම බලන්නකෝ අප්පා...පුදුම ප්‍රශ්න තොගයක්නේ හ්‍යුන්ගට තියෙන්නෙ !!

🐹 හරි ඉතින්..වැඩි ආරක්ෂාවට ඇහුවේ..උබවයි උබේ යාලුවන්වයි සතපහකට විශ්වාස කරන්න බැහැනේ..

ජින් කියනකොට ජින්ට රැව්ව ජන්ග්කුක් එයාගේ අතේ තිබ්බ පුටුකොට්ටෙන් ජින්ට ගැහුවා..තප්පර ගානක් ඇතුලත සාලේ පුරා යුධ පිටියක් වෙනකොට මිසිස් ජියෝන්ගේ කෑ ගැහිල්ල නිසායි අන්තිමට යුද්දේ නතර උනේ..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now