1 වන අහම්බය 🌱

263 16 28
                                    

'එදා හවස හොදටම වැස්ස

වෙලාව හවස හයට හතට වගේ , යුන්ගි වැස්ස නොතකා එක දිගටම කඩ වීදිය පැත්තට දිව්වා.

වැඩ ඉවර වෙලා ගෙවල් වලට යන මිනිස්සු , සෙල්ලම් බඩු ඉල්ලා අම්මලට කරදර කරන පොඩි ළමයි මේ වෙලාවට නගරේ දකින්න ලැබෙන සාමාන්‍ය දේවල්.

යුන්ගි කඩ වීදිය පැත්තට ආවේ ඒ වෙලාවේ ගොඩාක් බඩගිනි වෙලා හිටිය නිසා.

" මොනවද ඕන " කඩේ අයිතිකාරයා ඇහුවා ..

" ත්තොක්බොක්කි" එක පාර්සලය ක් ..

ඉතින් තොක්බොක්කි පාර්සලයත් අරගෙන යුන්ගි ආපහු නේවාසිකාගාරයට යන අතරෙ , යුන්ගි නොයෙක් දේවල් ගැන හිතමිනුයි ගියේ, දෙමව්පියන්ගෙන් සහයක් නැති එක , කණ්ඩායමක් හරියට සම්පූර්ණ නොවුන එක ගැන හිත හිත යුන්ගි ඉක්මනින් ම නේවාසිකාගාරයට ගියා..

..............................

" හේයි නම්ජුනා ...

" කියන්න හ්යුන් ...

" උබ නාලා එහෙමද ?

" තාම නම් නැහැ හ්යුන්

" ඉක්මනට නාලා වරෙන් එහෙමනම් කෑම කන්න .

" හරි හ්යුන් ...

"‌ඉතින් යුන්ගි ඉක්මනින්ම ගිහින් නාලා ටවල් එකෙන් කොන්ඩෙත් පිහිද පිහිද සාලයට ආවා . ඒත් තව කවුදෝ කෙනෙක් ඉස්සරහ දොර පැත්තෙ හැංගෙනවා වගේ දැක්ක නිසා යුන්ගි ගිහින් ඉක්මනට බැලුවා කවුද ඒ ඉන්නෙ කියලා.

යුන්ගි ගිහින් එකපාරටම මූනට එබිලා බැලුව නිසා ඒ කොල්ලා එකපාරටම ගැස්සිලා පිටිපස්සට වුනා . ඒ දඬුලේන් පැටියෙක්ගෙ වගේ අහිංසක ඇස් හිනාවක් දැකලා යුන්ගිට තමන් වැරැද්දක් වත් කලාද කියලා හිතුනා. ඒත් හිනාවක් ගෑවිලාවත් නැති යුන්ගිගෙ මූනෙ එවෙලේ එකපාරටම හිනාවක් ආවත් ඒක ඒ වෙලේම හිරකරන් හිටියේ ආගන්තුක කෙනෙක්ට හිනාවෙන එක හරි නැහැ කියල යුන්ගිට එවෙලෙ හිතුන නිසා .

" ඔයාගෙ නම මොකක්ද කොල්ලො .

" හොසොක් , ජන් හොසොක් "

" ආ , නම්ජුන් මට කලින් කියලා තියෙනවා තමා "

" හ්ම්..

අහම්බය | SOPE Where stories live. Discover now