දවසම වුනත් ටේහියුන්ග් දිහා ජන්කුක් ට මෙහෙම බලන් ඉන්න පුලුවන් නමුත් දුරකතනය අතට ගත්ත ජන්කුක්  වෙලාව පිරික්සුවා. තවම  වෙලාව උදෑසන 6.25යි. ටේහියුන්ග්ට බෙහෙත් බොන්න තව වෙලාව තියනවා. ඒත් ඊට කලින් ජන්කුක් ට කරන්න වෙනම වැඩක් තියනවා.

ජන්කුක්ගෙ කකුල් දෙක හිර කරන් ඉන්න ටේහියුන්ග් ගෙ කකුල පරිස්සමෙන් උස්සලා ඇද උඩින් තිබ්බ ජන්කුක් ටේහියුන්ග් දිහා ඇස් උස්සලා බැලුවා. ජන්කුක්ගෙ උනුහුම කකුලට දැනෙන් නැතිවුන තත්පරයේම නින්දෙන්ම  ටේහියුන්ග්ගෙ ඇහිබැම් හැකිලිලා. ලොකු කොට්ටයක් ගත්ත ජන්කුක් බොහොම පරිස්සමෙන් ටේහියුන්ග් ගෙ කකුල් දෙක මැදින් ලොකු කොට්ටය තිබ්බා. ටේහියුන්ග් ගෙ අත ලගටත් කොට්ටයක් තල්ලු කරපු ජන්කුක් හොර පූසෙක් මෙන් බොහොම හෙමින් ඇදෙන් බිමට බැස්සා.කාමරයෙන් එලියට යන්න කලින් තව එකම එක වතාවක් ටේහියුන්ග් දිහා හැරිලා බැලුව ජන්කුක්ගෙ තොල් අගින් පුංචි හිනාවක් පිටවුනා. ටේහියුන්ග් ට පොරවපු සුදු බ්ලැන්කට් එක කකුලෙන් තල්ලු කරලම ඇදෙන් බිමට වැටෙන්න ඔන්න මෙන්න .ජන්කුක් ලගට දුන්න කොට්ට දෙක තදින් තුරුලු කරගෙන තොල් දෙකත් උල් කරගෙන ටේහියුන්ග් තද නින්දක.තව ටික දවසකින් පුංචි පැංචෙක්ගෙ ඔම්මා කෙනෙක් වෙන්න යන්නෙ මේ අහිංසකයනෙ කියලා හිතෙද්දි ජන්කුක් ගෙ හදවත තුලින් ඔහුට යම් කිසි වේදනාවකුත් දැනුනා.



___________________________________

"පොඩි බේබි."

කිචන් එකේ වැඩකරමින් හිටිය මේඩ් කෙනෙක් එහෙම කියද්දි ඇයට මුහුනලා  හිටගෙන හිටිය අනෙක් මේඩ් ඇය කරමින් හිටිය කාර්යය නතර කරමින් මේඩ් දිහා හිස ඔසවලා බැලුවා.කප කප හිටිය එලවලු ටික අතින් පැත්තකට කරපු මේඩ් ඇය අතේ තියන පිහිය සද්දෙන් කටින් බෝඩ් එක මතින් තිබ්බා.


"පොඩි බේබි.පොඩි බේබි. ඊයෙ ඉදන්ම එකම කතාව ආයෙ අයේ කියවලා ඇති වුනේ නැද්ද රෝසි. ආයෙමත් පටන් ගත්තද?"

" හරි පොඩි බේබි ලොකු මහත්තයට නොකියා හොරෙන්ම කසාදයක් කරගෙන අලුත් මහත්තයෙක්ව මාලිගාවට අරන් ආවා. ඒකත් ඒ මහත්තයා රූපෙන් නැතිවුන හන්ස්නග් මහත්තයාගෙ කපාපු පලුව. ඒ වගේම මුලු කොරියාවම අපේ පොඩි බේබි පෙන්නපු මේ ප්‍රාතිහාර්‍ය දැකලා මේ වෙද්දිත් පිස්සු වැටිලා. "

Stolen Love Tempat cerita menjadi hidup. Temukan sekarang