Chapter 2

2.3K 504 186
                                    

Comment goal 100

අහස උසට නැගුනු යෝද කදු පන්ති බැලූ බැල්මට මිනිස් ඇසට පෙනුනේ යෝද රැකවලුන් මෙනියි..

ජේජු  පොලව  නම් සුන්දර යුවතිය රකින්න අහස විසින් පත් කල රැකවලුන්...ආඩම්බර යෝද සෙබලුන් ඔවුන්ගෙ වගකීම ඒ විදියටම ඉටු කරනවා...

අහසට කවදාවත් ලං විය නොහැකි නමුත් රකින්න පොරොන්දු දුන් සුන්දර දෙවගන...රහසෙ පෙම්බදින සොදුරු ප්‍රේමවන්තයා අහස....ජේජු පොලවට අහස වැඩියෙන් ආදරය කරන හැඩයි..

පයින් ගස් යායක් මැදින් වේගයෙන් ඉදිරියට ඇදෙන ජන්කුක් ගෙ වාහනය හුලගේ වේගය හා තරග කලා....


කාර් එකේ සන් රෑෆ් එක ඇරපු ජන්කුක් ඔහුගෙ ඇගේ ගැටි ගැටි විරුද්ධ අතට හමන හුලග වින්දා ....ජිමින් හරි හිත නිදහස් කරගන්න ගැලපෙනම පරිසරයක් ,මායාවක් ජේජු වල  තියනවා වගේ.




පෙන්ත් හවුස් එකේ ගේට් එකට ලං වෙන්න වාහනයේ බ්‍රේක් පාගපු ජන්කුක් වාහනේ වේගය අඩු කලා ...

ඈත තියා එක දිගට වදින හෝන් සද්දෙ මොකක්ද බලන්න ගේට් එක ලග හිටගෙන හිටිය සිකියුරිටි පුදුමයෙන් ඔලුව උස්සලා බැලුවේ මේ වෙලාවෙ කවුරුත්ම පෙන්ත්හවුස් එකට එනවා කියලා කල්තියා දැනුම් දීමක් කරලා නොතිබ්බ නිසා ..

ඒත්  සිකියුරිටි ගෙ ඇස් උඩ ගියේ වාහනේ ඉස්සරහ වීදුරුවෙන් පේන ජන්කුක් ව දැක්කට පස්සෙයි.

ගේට් එක ඇරලත් බැහැ ඒත් ගේට් එක අරින්නෙ නැතුවත් බැහැ...

ජන්කුක් වාහනේ වේගය අඩු කලත් තවමත් ගේට් එක ඇරෙන්නෙ නැහැ කියලා දකිද්දි ආයෙමත් ඇක්ස්ලේටරය පාගලා වාහනේ රේස් කලේ සිකියුරිටිගෙ මුලු ගතම වෙවුලලා යද්දි..
මේ දැන් ගේට් එක ඇරියේ නැත්තම් අනිවාර්යයෙන්ම පොඩි බේබි වේගෙන් ගේට් එක දිහාවට වාහනේ අරන් එනවා කියලා හූනා කියන්න වගේ සිකියුරිටි දැනන් හිටියා..

වේගෙන් ගේට් එක දිහාවට එන වාහනේ හැප්පෙන්න ඔන්න මෙන්න තියා ගේට් එක ඇරිය සිකියුරිටි පපුවත් අල්ලන් හති අරින්න් ගත්තේ තව දශමයක වෙනසක් ඇති වුනා නම් අනිවාර්යයෙන්ම ජන්කුක් ගෙ වාහනේ ඔහුගෙ ඇගේ වදින නිසා.ඒත් ඒ ගැන නම් ජන්කුක් ට ගානක්වත් නැහැ..



Stolen Love Where stories live. Discover now