Chapter 92

1K 284 344
                                    

Comment goal 100

"දරුවව උඩට ගන්න ටේහියුන්ග් ."

පුංචි ස්නෝබෝල්ව තව තව තදින් ග්‍රහනය කරගනිමින් ජන්කුක් කියද්දි ටේහියුන්ග් ඔහුගෙ එක අතකින් ස්නෝබෝල්ව අල්ලගත්තා.ඒත් ජන්කුක්ව අල්ලගෙන ඉන්න අනෙක් අත අතහරින්න ටේහියුන්ග් සූදානම් වුනේ නැහැ.

"පරිස්සමට මැනික දරුවව තදින් අල්ලගන්න. බය නැතුව මාව අතාරින්න්කො.මම කදු ගැට්ට අල්ලගෙන ඉන්නෙ."

"ජන්කුක්"

ටේහියුන්ගෙ තොල් වෙවුලමින් ජන්කුක්ගෙ නම කතාකරද්දි ජන්කුක් ටේහියුන්ග්ව සන්සුන් කරගන්න උත්සහ කලා.

"බය වෙන්න එපා. මම ඉන්නවනෙ.පරිස්සමට දරුවව උඩට ගන්නකො මැනික."

ටේහියුන්ගෙ අත් හොදටම වෙවුලනවා. ජන්කුක් කදු ගැට්ට අල්ලගෙන හිටියත් ජන්කුක්ගෙ අත අතහරින්න ටේහියුන්ග්ට හිත එකග කරගන්න අමාරු වුනා.

"මුකුත් වෙන්නෙ නැහැ. කූට ස්නෝබෝල්ව එක අතකින් අල්ලගෙන ඉන්න අමාරුයි. ඒ නිසා මුලින් දරුවව ගන්නකො මැනික. ඊටපස්සෙ කූට උඩට එන්න පුලුවන්."

හෙමින් ඔලුව වනපු ටේහියුන්ග් ජන්කුක්ගෙ අත අතහැරලා ඔහුගෙ අත් දෙකම ස්නෝබෝල් වෙත දික් කලා.හමන් ගියේ දැඩි හුලගක්, අදුරු පයින් වනාන්තරය තව තව මූසල අදුරකින් වහගනිද්දි ටේහියුන්ගෙ මුවින් පිටවුනේ විලාපයක හඩක්. ටේහියුන්ග් ස්නෝබෝල්ව අතට ගන්න යන ඒ තත්පරයේම ජන්කුක් අල්ලන් ඉන්න කදු ගැට්ටෙ කපොල්ල කදු මුදුනින් මිදිලා පහලට රූටලා ගියේ කදු ගැට්ට අල්ලන් ඉන්න ජන්කුක්ගෙ අත් වාරුව නැති කරමින්.

"ජන්කුක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්."

ස්නෝබෝල්ව අල්ලගන්න අත් දෙක දිගු කරමින් හිටිය ටේහියුන්ග් ජන්කුක් එක්කම පහලට ඇදිලා ගියා.අඩි ගානක් දුරට ඇදෙන කදු හෙල දිහා බැලුවත් මනුස්ස ශරීරයක් බියෙන් වෙවුලලා යනවා.

"මම අල්ලගත්තා ඔයාව. මම අල්ලගත්තා. මුකුත් වෙන් නැහැ.මගෙ අත තද කරලා අල්ලගන්න."

පහලට ලිස්සලා යන ගල් කපොල්ල එක්ක  ග්‍රහනය මිදුන ජන්කුක් කදු හෙල  පහලට වැටෙන්න ගියත් ඉක්මන් වුන ටේහියුන්ග් ජන්කුක්ගෙ අත තදින් අල්ලගත්තා. ටේහියුන්ග් තත්පරයක් හෝ ප්‍රමාද වුනා නම් මේ වෙද්දිත් ජන්කුක් අඩි ගානක් පහලට ඇදන් වැටිලා.

Stolen Love Where stories live. Discover now