Chapter 59

1K 303 256
                                    

Boring chapter එකක් මේක.
Comment goal 100

ලොකු නෝනට දුන්න පොරොන්දුව මගෙ අත් වලට විලංගු දැන්මා පොඩි බේබි. පවුකාර මගේ ජීවිතය වෙනුවෙනුන් එදා ලොකු නෝනා මගෙ බේබිලව දාලා මේ ලෝකයෙන් යන්නම යන්න ගියා.ලොකු නෝනා මං මත තිබ්බ විශ්වාසය මට කඩකරන්න බැහැ. ඇස් කන් නැති රූකඩයක් වගෙ මට ජීවත් වෙන්න සිද්ද වුනා. මගෙ බේබිලගෙ ආරක්ෂා වෙනුවෙන් විතරයි මගෙ පපුවෙ හුස්ම ගැහෙන්නෙ.

බේබිලා ටිකෙන් ටික ලොකු වෙද්දි තවදුරටත් බේබිලව බලාගන්න විල්සන් අවශ්‍ය නොවුන නිසා ලොකු මහත්තයා මාවජේජු එවුවා.මම දන්නවා ලොකු මහත්තයා එහෙන කලේ මාව නොමරා බැරි කමට.
ජීවිතේ කවදමහරි පොඩි බේබිලගෙ දුර්වලතාවයක් වෙන මාව ආයෙමත් ඕනෙ වෙයි කියලා එදා හන්ග් මහත්තයා හිතන්න ඇති.

අදුරු අතීතයක සාක්ශි කාරයෙක් වුන මාව පෙන්ත්හවුස්  එකට ලොකු මහත්තයා එවුවම ආයෙමත් මාව හොයන් ජිමින් බේබි පෙන්ත්හවුස්  එකට එයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. අවස්ථාවක් තියෙද්දිත් ලීනට මං ගැන ඇත්ත නොකිපු පවුකාරකමෙ ප්‍රතිපල එදා මට ලැබුනා පොඩි බේබි.


පුංචි රෝස මලව ජේජු වලදි මට මුනගැහුනෙ අහම්බයකින්. හීනයක් නොවෙන හීනයක් එදා මගෙ ඇස් ඉස්සරහ ඇත්ත වුනා.

ඒ දවසෙදි  විල්සන්  ආත්මාර්තකාමි නොවුනනම් මේ සිද්දවුන හැම අපරාදයක්ම මට නවත්තන්න තිබුනා. ඒත් මේ වයසක මිනිහා ලෝබ කලා පොඩි බේබි. හන්සන්ග් මහත්තයගෙ පුංචි රෝස මල හැමදාම හැම උදයකම මාව හොයන් එද්දි පුංචි කොල්ලගෙ හිනාව සැනසීමක් නැති මේ ජීවිතයට ආයෙමත් ආලෝකයක් රැගෙන ආවා. කොල්ලව මගෙන් ඈත් කරන්න මම ලෝබ කලා.දවස් කීපයක්ම ලීනව හම්බෙන්න මම ඒ ගෙදරට ගියත් ඈතින් ඉදන් ඔවුන් දිහා බලන් ඉන්නවා මිසක් ඇය ලගට ගිහින් කතාකරන්න මේ චපල කැමති වුනේ නැහැ.
එදා මාව දැක්කනම් ලීනා ටේහියුන්ග් වත් අරන් ජේජු වලින් ඈතකට යයි. ඒත් ආත්මාර්තකාමි මම ටේහියුන්ග් ව හැමදාම දකින්න ටේහියුන්ග් තුලින් මගෙ හන්සන්ග් මහත්තයගෙ සතුට දකින්න ආස කලා.




මගෙ ඇස් හරිම පවුකාරයි පොඩි බේබි.  මේ ඇස් ඉස්සරහ මම ආදරය කරපු ඔවුන් සියල්ලක්ම යන්න ගියා. පුංචි දරුවෙක් විතරක් පාලු පෙන්ත්හවුස්  එකක තනි කරලා ඔවුන් හැමෝම යන්න ගියා. දරුවෙක් වදන වයසකද පුංචි රෝස මල හිටියෙ.ඒත් වැදුව දරුවවත් අවසානයෙදි රෝස මල ලග රැදුනෙ නැහැ.



Stolen Love Where stories live. Discover now