Chapter 31

1.5K 342 333
                                    

Comment goal 200

සුදු සේල සලුවකින්  මුලු පයින් වනයම ආවරණය කරලාක් මෙන් පයින් ගස් අතරින් සුදු මීදුම ගලන් යනවා.මීදුම අතරින් තටු ගසමින් පියාබන පුංචි කුරුල්ලන්ගෙ කිචි බිචි රාවය මුලු පරිසරයම පුරාම ගලන් යද්දි පයින් වනයට යාබදව පිහිටි පුංචි නිවසක වතුර කේතලයෙ වතුර දුම් දාමින් නැටවෙන්න  පටන් ගත්තෙ සුන්දර උදෑසනක නව උදාවත් එක්කමයි.

මීදුම අතරින් තටු ගසමින් පියාබන පුංචි කුරුල්ලන්ගෙ කිචි බිචි රාවය මුලු පරිසරයම පුරාම ගලන් යද්දි පයින් වනයට යාබදව පිහිටි පුංචි නිවසක වතුර කේතලයෙ වතුර දුම් දාමින් නැටවෙන්න  පටන් ගත්තෙ සුන්දර උදෑසනක නව උදාවත් එක්කමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



පුංචි නිවසෙ දැව බිත්ති කෙලවරේ පුංචි ගුලක්. කුරුලු උන්නැහේලගෙ කිචි බිචි රාවයට ගුලු තුල හුන් උන්දැත් උදෙන්ම ඇහැරිලා . පුංචි ගුලෙන් පුංචි හිසක් යන්තමින් එබිකම් කලේ ඉහලට ඔසවන් ඉන්න කන් දෙක දෙපැත්තට කරමින් වටපිටාවට හොදින් සවන් දෙමින්..

නමුත් පුංචි හිස වේගයෙන් ආයෙමත් ගුල තුලට රිංගගත්තෙ දැව පොලව මතින් යමෙක් ඇවිදන් එන හඩ ඇහෙන්න ගනිද්දි.
දැව පොලව මත ඇවිදන් එන පා හඩේ අයිතිකරුගෙ තොල් අග ඇදුනෙ සුන්දර හිනාවක්.
කොටු කොටු නිල් රෙද්දකින් මැසූ ගවුමක් හැද සිටි ඇය ගවුම් සාක්කුව තුලට අත දැන්මෙ එයින් යමක් එලියට ගනිමින්.
ගුල ලගට නැවුනු ඇය සාක්කුව තුලින් අතට ගත් බඩ ඉරිගු ඇට ටික ගුල ලගින් තැබුවෙ පොලවට හෙමින් තට්ටුවක් දමමින්..

ගුල තුල සැගවුනු පුංචි මී පැටියට බඩ ඉරිගු ඇට වල සුවද දැනෙද්දි පුංචි නහයෙන් සුවද උඩට අදිමින් ගුල තුලෙන් හෙමින් හෙමින් හිස එලියට දැන්ම මී පැටියා ඇය බලන් ඉද්දිම බඩ ඉරිගු ඇටේ ඇටේ ගුල තුලට පුංචි අතින් ඇදලා ගත්තා..

"සුභ උදෑසනක් මී අප්පු.. අදත් උදෙන්ම හොරකමේ යන්න නේද සැරසුනෙ. හොරකම නම් ඔන්න හොද වැඩක් නෙවෙයි. කමක් නැහැ ඉතින් අදත් මම ඔයාට ඔන්න සමාව දුන්නා.. එහෙනම් බඩ ඉරිගු කාලා බඩපුරෝගන්නකො ."


Stolen Love Where stories live. Discover now