Chapter 40

1.2K 329 571
                                    

Comment goal 100

"හොයාගත්තද?"

"තවම නැහැ සර්.. "

"මොන මගුලක්ද උබලා කරන්නෙ.ඉක්මන් කරනවා .හොයන්න තියන හැම තැනකම හොයනවා. තව විනාඩි විස්සක් ඇතුලත තමුසෙලා එයාව හොයාගත්තෙ නැත්තම් තමුසෙලා එකා එකාව බාවනවා මම"


යුනිවර්සිටි එක පුරාම එකම කාලගෝට්ටියක්..කලු හැදගත්ත සද්දන්ත ගාර්ඩ්ස්ලා යුනිවර්සිටි එක පුරාම ඒ අතට මේ අතට දුවමින් එක පුද්ගලයෙක්ව හොයනවා.


"හොයන්න ඕනෙ හැමතැනකම හෙවුවා සර්.විනාඩි පහකට පොඩි සර්ට මේ තරම් දුරක් දුවන්න පුලුවන්ද? "


"ශිට් .ශිට් .ශිට් කටවහගනන්වා අයිසෙ .විනාඩි පහකට. එකම එක විනඩි පහකටයි මම කැෆේ එක ඇතුලට ගියේ ඒ ටික වෙලාවටවත් උබලට පොඩි බේබිව එකතැනක තියාගන්න බැරි වුනා.."

"තමුසෙලට පඩි ගෙවනවට වඩා හොදයි ඔටලුවො ටිකකට තුවක්කු දීලා වැඩට ගන්නවා."


"ඔ.ට.ලු.වෝ...? අ.නේ අනේ අ.පි.ට ස.මා..වෙ.න්.න යු.න්.ගි සර්.."

පැලදගෙන ඉන්න කලු අවු කන්නාඩි දෙක ගලවපු යුන්ගි පහලට වැටෙන  ඔහුගෙ කලු කෙස් වැටිය අතින් පසුපසට තල්ලු කලා.සද්දන්තයන් වෙත යුන්ගි හෙලුවෙ එකම එක බැල්මයි.සියල්ලක්ම අංශක අනූවටම පහලට නැවෙමින් ඔහුගෙන් සමාවගන්න පටන් ගත්තා.


"යනවලා මගෙ දෑහට නොපෙනී..හොයනවා හොයනවා ..හැම තැනකම හොයනවා. යුනිවර්සිටි ගේට් එකෙන් පිට යන්න කොහෙත්ම විදියක් නැහැ.හොයනවා."

යුන්ගිගෙ කෑගැහිල්ලට ගැස්සිලා ගියපු ගාර්ඩ්ස්ලා ආයෙම යුනිවර්සිටි එක පුරාම විසිරිලා දුවන්න පටන් ගත්තා.




"ෆකින්ග් ජියොන් ජන්කුක් තමුසෙ මං එක්ක සෙල්ලම් කරනවද? තව විනාඩි විස්සක් ඇතුලත එක්සෑම් හෝල් එක ඇතුලෙන් තමුසෙ ඉදගත්තෙ නැත්තම් මම උබව මරලා දානවා."

සාප පිට කරමින් ජන්කුක් ගෙ ෆෝන් නම්බර් එකට ආයෙ ආයෙම කෝල් ගත්ත යුන්ගි ජන්කුක් ෆෝන් එක ආන්සර් කරන්නෙ නැති තැන ෆෝන් එක පොලවෙ ගහන්න ගියත් යුන්ගි ලගට දුවන් ආව ගාර්ඩ් කෙනෙක් ඔහුගෙ අතින් අල්ලගත්තා..

Stolen Love Where stories live. Discover now