Chapter 23

1.3K 356 241
                                    

Comment goal 100


ටිකෙන් ටික අදුර විසින් වහගන්න  මූසල පාලු පාරෙ නිහඩ බව වෙඩි හඩවල් කිහිපයකින් දෙදරලා යද්දි පයින් අතු වල වහලා හිටිය කුරුල්ලන් ගස් වලින් ඈතට පියබලා ගියා..
ටේහියුන්ගෙ ගන් එකෙන් එක දිගටම උන්ඩ පිටවුනත් තවමත් කලින් බැල්මෙන්ම ජන්කුක් ටේහියුන්හ්  දිහා බලන් ඉන්නවා..ඒ ඇස් වල බයක සේයා මාත්‍රයක්වත් ඇදිලා නැහැ..


වෙඩි තැබීම අවසාන වෙනවත් එක්කම ජන්කුක්ට පිටිපස්සෙන් ඇහුනෙ යමෙක්  බිමට ඇදගෙන වැටෙන  සද්දයක්..හඩත් එක්කම හිස හරවලා පිටුපස බලපු ජන්කුක් දැක්කෙ ඔහුගෙ දෙපා වලට ටිකක් ඈතින් ඔහුත් එක්ක වාහනෙ ආව පිරිමි මනුස්සයා ලේ ගොඩක් මැද බිම වැටිලා ඉන්නවා..

හරි එකේල්ලෙ පපුව මතටම වෙඩි උන්ඩ තුනක් ඔහුට වැදිලා තිබුනා. මහ පාර රක්ත පැහැයට හරවමින් සිරුරෙන් රැදිරය ගලන් යනවා... ගන් එක හෙමින් පහත් කරපු ටේහියුන්හ් නිසොල්මන්ව බිම ඇදගෙන වැටුන මනුස්ස සිරුර දිහා බලන් හිටියා.


තවමත් ජන්කුක් ටේහියුන්ග්ට වචනයක් කිවුවෙ නැහැ. ඇස් බාගෙට විවර කරන් ඉන්න  මනුස්සයා ලගට ඇවිදන් ආපු ජන්කුක් ඔහු ලගින් පහලට නැවුනා.. වෙන්න අවශ්‍ය හැමදෙයක්ම වෙලා ඉවරයි .පිරිමි පුද්ගලයාගෙ නහය ලගට ඇගිල්ල ලං කරපු ජන්කුක් අත ආපස්සට ගත්තා..

ජන්කුක් ටේහියුන්හ් ගෙන් ඇහුවෙ එකම එක වචනයයි..



"ඇයි? "

ඒත් ජන්කුක් ට ටේහියුන්හ් ගෙන් ලැබුනෙ නිහඩ ප්‍රතිචාරයක්..

ජන්කුක්ගෙ ඇස් වල නහර වලට ලේ පිරිලා ඇස් අදුරු රතු පැහැයකට හැරිලා  බෙල්ල දිගට නහර උඩට ඉස්මතු වෙලා ..
ඒස්‍රා ඇයි කොහෙවත් නැති මනුස්සයෙක්ව එයාලගෙ සෙල්ලමට ගාවගත්තෙ.නිරපරාදෙ මරලා දැන්මෙ...

මියගිහිල්ලා ඉන්න පුද්ගලයාගෙ ශර්ට් එකේ ගහලා තියන බැච් එක දිහා මොහොතක් බලන් හිටිය ජන්කුක්ගෙ ව්‍යාග්‍ර ඇස් ටේහියුන්හ් දිහාවට හැරුනා..සිරුර ලගින් නැගිටගත්ත ජන්කුක් බර අඩි තියමින් ටේහියුන්හ් ලගට ලං වුනා..ජන්කුක්ගෙ පියවර ගොඩක් සන්සුන්..හරියට ගොදුරකට ටිකෙන් ටික ලං වෙන ව්‍යාග්‍රයෙක් වගෙ..


Stolen Love Where stories live. Discover now