Chapter 60

1.3K 319 430
                                    

Comment goal 200
Vote goal 100


අදුරෙ ඈතින් හිටගෙන ඔවුන් දිහා බලන් ඉන්න ඔහු ලගට ජන්කුක් ඇවිදන් ගියා. අඩියෙන් අඩිය ජන්කුක් ඔහුට ලං වෙද්දි ඔහුගෙ මුහුන ටිකෙන් ටික පැහැදිලිව පෙනෙන්න ගත්තා. ඔහු වෙවුලනවා . වේදනාබර කදුලු ඇස් අගින් පහලට කඩන් වැටෙනවා.
ඔහු ලගට ඇවිදන් එන ජන්කුක් මගක් දුරක් ඇවිදන් ඇවිත් මදක් ඈතින් නවතිද්දි හඩාවැටෙන ඔහුගෙ ඉකිබිදුම් හඩ තව තව වැඩිවුනා. ජන්කුක් අද ඔහු ලගට ඇවිදන් එන් නැහැ කියලා දකිද්දි ඒ හදවත ගොඩක් බය වුනා.


නමුත්,

අත් දෙක දෙපැත්තට ඈත් කරමින් ජන්කුක් ඔහු දිහා බලන් හෙමින් ඔලුව වැනුවා.


"හියුන්ග් ලගට එන්න."


තත්පරයක් ඇතිවුනා ජිමින්ට ජන්කුක්ගෙ තුරුලට දුවන් යන්න.
ජන්කුක්ගෙ තුරුලට දුවන් ආව ජිමින් ජන්කුක්ගෙ පපුවට තුරුලු වෙලා වේදනාවෙන් හඩන්න පටන් ගත්තා.

"මගෙ හියුන්ග් මං එක්ක තරහද?"

ජන්කුක්ගෙ පපුවෙ මුන හංගගෙන ජිමින් අහද්දි ජන්කුක් ගෙ ඇස් වලටත් කදුලු එකතුවුනා නමුත් ඔහු ඒ කදුලු හංගගත්තා .ජන්කුක් කොහොමද එයාගෙ පුංචි මල්ලි එක්ක තරහ වෙන්නෙ. මොන වරද කලත් ජිමින් එක්ක තරහගන්න ශක්තියක් ජන්කුක් තුල තිබුනෙ නැහැ.


"හියුන්ග්..මගෙ හියුන්ග් අනේ අහන්නකො මං කියන එක අහන්න්කො."


"හියුන්ග් අහන් ඉන්නෙ මගෙ මැනික."


"මට සමාවෙන්න මට සමාවෙන්න .මගෙ හියුන්ග්ට මාව අප්‍රසන්නයිද. හියුන්ග්ට මම හැම ඇත්තක්ම හැංගුවට මං එක්ක තරහද?"

"හියුන්ග්ට මම ඇත්ත කිවුවොත් හියුජින් නූනට කරදර කරනවා කියලා අප්පා මාව බය කලා. "

"' මමයි හැමදෙයක්ම විනාශ කලේ .මම නූනට ජැක්සන් හියුන්ග්ව නැති කලා . මට බැරි වුනා හියුන්ගෙ ආත්මය තව තව රිද්දන්න. උන් නූනව මරලා දැන්මොත් මගෙ පවු දරාගන්න බැරුව මට පිස්සු හැදෙයි හියුන්ග් .කාට මාව තේරුන් ගන්න බැර් වුනත් මගෙ හියුන්ග්ට මාව තේරුම් ගන්න පුලුවන් නේද? කියන්න හියුන්ග් මට කියන්න ඔයාට තේරෙනවා නේද? ජිමිනිට සමාවෙන්න මට සමාවෙන්න හියුන්ග්."

Stolen Love Where stories live. Discover now