Chapter 10

1.6K 392 190
                                    

Comment goal 100

ඇරියටත් වඩා වේගයෙන් දොර වහගෙන එලියට ආව විල්සන් ලග තියන කබ්ඩ් එකට වාරු වෙලා  පපුව අල්ලන් හුස්ම ගත්තා..

ජන්කුක්ගෙ තුරුලෙ ගුලි වෙලා ජන්කුක් ලග නිදාගෙන හිටිය ටේහියුන්ග් වත් ජන්කුක්වත් ඇස් ඇරගෙන හිටියත් විල්සන් ට මැවි මැවි පේනවා වගේ...

"ඇයි වෙන්න හොද නැති දේවල් ඒ විදියටම සිද්ද වෙන්නෙ.."

හිත යටින් මුමුනපු විල්සන් ගැස්සිලා ගියෙ....


"මොකද මනුස්සයො මේ..."

විල්සන්ගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩට  දැනටමත් පපුව අල්ලන් හිටිය විල්සන්ව තව තව තැති ගැන්මට පත් කලා..


විල්සන් පිටිපස්සෙන් හිටගෙන ඉන්න සයිමන් කරේ එල්ලගෙන ඉන්න ලොකු දිග තුවක්කූව උරයෙන් උරයට මාරු කරගනිමින් රැලි  කරගත්ත ඇස් වලින් විල්සන් දිහා බලන් ඉන්නවා..

මුහුනෙ හිනාවක් මවාගන්න උත්සහ කරපු  විල්සන් සයිමන් දිහා බලාගෙන ඔලුව දෙපැත්තට වැනුවේ මුකුත් නැහැ කියන්න...



"මුකුත් නැත්තම් හොල්මනක් දැකලා වගේ දාඩිය දාන්නෙ ඇයි උබට? කෝ කියන්න ගිය එක කිවුවවද ? කොල්ලා මොකද කිවුවේ...ඇයි කලබල කලාද? "



"මො...මොක..මොකක්ද?"


"ඒ ටිකට උබ ඒක අමතක කලා කියල නම් කියන්න එපා ? කෝ එහාට්ට වෙනවා මමම ගිහින් කියන්නම්.."


"එපා...එපා ඔහොම ඉන්න...."



ටේහියුන්ග්ගෙ කාමරෙ දොර හරස් කරමින් හිටගෙන ඉන්න විල්සන්ව පැත්තකට කරන්න කරමින් කාමරය තුලට  යන්න සයිමන් උත්සහ කලත් සයිමන්ට වඩා ශරීරයෙන් විශාල විල්සන්ගෙ අකමැත්ත පිට විල්සන් ව දොරෙන් ඈතට අයින් කරගන්න සයිමන් ට බැරි වුනා..


"ඒ දරුවා තවම නිදි සයිමන්..නැගිට්ටට පස්සෙ මම කියන්නම්..."


"තවම? වෙනදට මේ තරම් වෙලා නිදියන්නෙ නැහැනෙ..කුකුලටත් කලින් නැගිටින මනුස්සයා නේද?"

නෝන්ඩියට හිනාවුන සයිමන් දිහා විල්සන් ඔරවලා බැලුවා..



Stolen Love Where stories live. Discover now