Chapter 80

1K 273 241
                                    

Comment goal 150

අදුරට හැරුනු මාලිගයෙ ඉහල පඩියක ජියොන් හන්ග් හිටගෙන ඉද්දි ටේහියුන්ග් මාලිගය තුලට තනිවම ඇවිදන් ආවා.ටේහියුන්ගෙ සිහින් අත පරිස්සමට ඔහුගෙ  පුංචි කුස මත රැදිලා තියනවා. හමන් ආව සීතල හුලගක් ටේහියුන්ගෙ ඇගේ වදිමින් මුලු මාලිගය පුරාම සන්සුන්ව හමන් ගියා.සීත හුලග සන්සුන්ව ඔහුට රහස් මුමුනනවා මෙන් දැනෙද්දි ටේහියුන්ග්  තදින් ඔහුගෙ ඇස් පියාගත්තා.

ටේහියුන්ග් දුබුරු ඇස් හැගීමකින් තොර හිස් ඇස් දෙකක් බවට පරිවර්තනය වෙලා තිබුනත් සීතල හුලගෙ අවසානයත් සමග ඔහු හෙමින් ඇස් ඇරියා.මේ තරම් වෙලාවක් ටේහියුන්ග් දිහා බලන් සම්ච්චලයට හිනාවෙවී හිටිය හන්ගෙ මුහුනෙන් ඔහුගෙ හිනාව ටිකෙන් ටික අතුරුදහන්ව යන්න ගත්තේ ටේහියුන්ග් ගෙ දුබුරු ඇස් හරි කෙලින් ජියොන් හන්ගෙ ඇස් වෙත යොමුවෙද්දි.

එදා ජියොන් හන්සන්ග් පුංචි රෝස මලව කුසේ දරන් මේ මාලිගයට ඇවිදන් ආවා. ඒ පුංචි රෝස මල අද  ඒ විදියටම පුංචිම වෙනසක්වත් නැතුව හන්ග් වෙතට ඇවිදන් එනවා. ඒ පෞර්ශත්වය, ඒ ගමන, ඒ ආඩම්බර බැල්ම, ඒ සන්සුන් ආඩම්බර ඇස් .

අතීත මතකයන් හන්ගෙ මනස තුල හොල්මන් කරන්න ගත්තෙ හන්ග්ටත් හිතාගන්න බැරි අයුරින්. ඒ දවසෙ ජියොන් හන්සන්ගෙ මුහුනෙ ඇදිලා තිබුන ඒ තේජාන්විතව බව ඒ විදියටම ටේහියුන්ගෙ මුහුනෙ ඇදිලා තියනවා දකිද්දි හන්ගෙ යටි හිතෙ තැන්පත් වුන බිය ටිකෙන් ටික ඔහුගෙ දෑසින් වාන් දමමින් උඩ ගහන්න පටන් ගත්තා.දත් මිටි කමින් තරහින් අතමිට මොලවගත්ත හන්ග් ඇස් පියාගනිමින් තමන්ව සන්සුන් කරගන්න උත්සහ කලා.අතීතය හරි අපූරුවට වර්තමානයේදිත් ලියවෙන්න පටන්ගෙන.

ඔහුට ඕන කරපු විදියටම ටේහියුන්ග්  ඔහුගෙ දෙපා ලගට ඇවිදන් එනවා. ඒ දිහා බලන් ඔහු සතුටු වෙන්නයි ඕනෙ නමුත් හරි කෙලින් හන්ගෙ ඇස් දිහා බලන් ඔහු වෙත ඇවිදන් එන ටේහියුන්ග් ව දකිද්දි සතුටක් වෙනුවට ඒ හිතෙ තැන්පත් වුනේ භයානක බියක්. ටේහියුන්ගෙ එක බැල්මකින් ඔහුට පුලුවන් ජියොන් හන්ගෙ ආත්මය බීතියෙන් පුරවන්න.

ඒ බීතිය නිසාම තමා හන්ග් ඔහුට කරන්න පුලුවන් හැම පාපයක්ම මේ විදියට කලේ.ටේහියුන්ග්ව ඔහු මුලින්ම දැක්ක දවසෙ පටන් අද වෙනකන් හන්ගෙ බය ඔහුව ටිකෙන් ටික මරා දැන්මා.තමන් කවුදවත් නොදන්න දරුවෙක්ගෙ සම්පූර්ණ අහිංසක පවුලම විනාශ කරපු ඔහු ඒ දරුවව අවුරුදු තුනක් අදුරු කාමරයක හිර කරලා දැන්මා. ඒ හැම උත්සහයක් පිටිපස්සෙම හන්ගෙ බය ඔහු පිටුපසින් හෙවනැල්ලක් මෙන් හිටගෙන හිටියා.

Stolen Love Where stories live. Discover now