Chapter 35

1.2K 337 480
                                    

Comment goal 200

"ම්හ්ම්ම් ම්හ්ම්ම්ම් නූනා..."

"බෙයා කියන දේ අහන්න මැනිකේ.."

"කෝ කෝ තව එක හැන්දයි. මෙහෙ බලන්නකෝ බෙයා."

"එපා..එපා බෙයාට එපා.."

"මේ මුරන්ඩු කොලු පැටියනම්.."
"හියුන්ග්ටම හරියන මල්ලි...මුරන්ඩු කම නම් දශමෙකින්වත් වෙනස් වෙලා නැහැ."


පුලුන් පුරවපු බ්ලැන්කට් එක අස්සෙ ගුලි වෙලා ඉන්න දගයගෙ පුංචි ඇස් දෙක විතරක් බ්ලැන්‍කට් එකෙන් පිටතට පෙනෙනවා..හියුජින් සුප් පුරවපු හැන්ද දගයා වෙත ලං කරද්දි පිටතට පෙනෙන ඇස් දෙකත් බ්ලැන්කට්  එක තුල හංගගත්ත දගයා බෝලයක් වගේ ඇද මත ගුලිවුනෙ ඒ දිහා බලන් ඉන්න හියුජින් ඔලුව දෙපැත්තට වනමින් හිනාවෙද්දි.

"හරි එහෙනම් නූනා පොවද්දි සුප් බොන්නෙ නැහැනෙ .මම එහෙනම් හියුන්ග්ටම කියන්නම්කො බෙයාට සුප් ටික පොවන්න කියලා."


සුප් හැන්ද සුප් බන්දේසිය මතින් තිබ්බ හියුජින් හොර ඇසින් දගයා දිහා බැලුවා..බ්ලැන්කට්  එක අස්සෙ හැංගිලා ඉන්න දගයා බ්ලැන්කට් එක පහත් කරමින් පුංචි ඇස් බෝල කරගනිමින් එලියට එබෙනවා..එලියට එබෙන පුංචි ඇස් හරි එකේලෙන් ඔහු හා හිනාවෙන ඇගෙ ඇස් හා එකට ගැටෙද්දි පුංචි ඇස් තව තව ලොකුවුනා...

"නූනානානානානා.."

"මොකද ..මොකද දැන් ම්ම්?" "නූනා කියද්දිනෙ අහන්නෙ නැත්තෙ ."

අත් දෙක පපුවට බැදගත්ත හියුජින් ඇහිබැමක් ඔසවමින් අහද්දි බ්ලැන්කට් එකෙන් එලියට පැන්න දගයා ලොකුවට කට ඇරගෙන හියුජින්ට ලං වුනා...

"ආඅහ්හ්හ්හ්"

"කෝ පොවන්නකෝඕඔ.."


තවමත් දගයා දිහා බලන් හිනාවෙන හියුජින්ගෙ මූහුනට එබුන දගයගෙ බෙරි වුන  නහයෙන් අල්ලලා දෙපැත්තට හොලවපු හියුජින් මේසය මෙත තිබ්බ සුප් බන්දේසිය ආයෙමත් අතට ගත්තා..

සුප් බොන්න අකමැති වුනත් අකමැත්තෙන් වුනත් නූනා පොවන සුප් උගුරෙන් පහලට තල්ලු කරගත්ත දගයා සැරෙන් සැරේ මූන අකුලගනිමින් පුංචි කෙදිරිලි පිට කලේ දැන් ඇති කියලා අගවමින් ඒත් නතර නොවෙන සුප් හැදි එකින් එක දගයගෙ තොල් වෙතට දික් වෙනවා..
නූනා වෙනුවට හියුන්ග් සුප් පොවන්න ආවොත් එක සුප් හැන්දක් පාසා ටොකු කන්න වෙන නිසා නූනාට කියලම දගයා සුප් ටික පොවා ගත්තා..


Stolen Love Where stories live. Discover now