Chapter 72

1.3K 307 300
                                    

Comment goal 200

කලු පැහැති වාහන පෙලක් ජියොන් ගොඩනැගිල්ල ඉදිරියෙන් නතර වෙද්දි ජියොන් ගොඩනැගිල්ල අවට හිටිය හැම මනුස්සයෙක්ගෙම අවදානය වාහන පේලිය වෙත යොමුවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කලු පැහැති වාහන පෙලක් ජියොන් ගොඩනැගිල්ල ඉදිරියෙන් නතර වෙද්දි ජියොන් ගොඩනැගිල්ල අවට හිටිය හැම මනුස්සයෙක්ගෙම අවදානය වාහන පේලිය වෙත යොමුවුනා. එකම වෙලාවෙ එකට විවෘත වුන වාහන දොර වලින් එලියට බැස්ස ගාර්ඩ්ස්ලා ගොඩනැගිල්ලෙ ඇතුල් වීමේ දොර දෙපස පේලියට හිටගත්තා.

ජන්කුක්ගෙ වාහනයෙ ඉදිරිපස දොර විවර වෙද්දි එයින් එලියට බැස්ස ජන්කුක් ඔහු පැලදි සන්ග්ලාස් දෙක ගලවමින් වාහනයෙ යතුර සේවකයෙක් අතින් තැබුවා.තවමත් විවර නොවුන අනෙක් පස දොර අරින්න ඒ වෙතට ඇවිදන් යන සේවකයව  අතින් සං කරමින් නවත්තපු ජන්කුක් ඔහු විසින්ම වාහනයේ අනෙක් පස ඉදිරි දොර ඇරියා.

ජියොන් ජන්කුක් ගෙ ස්වාමිපුරුෂයා ජියොන් ටේහියුන්ග්ව මේ තරම් ලගින් දකින්න ලැබුන සේවකයින් දෑස් විසල් කරගනිමින් පුදුමයෙන් ටේහියුන්ග් දිහා බලන් හිටියා.ටේහියුන්ග් දැකීම වගේම තවත් දෙයක් ඔවුන්ව පුදුමයට පත් කලා.ජන්කුක් ටේහියුන්ග් ගෙ අතින් අල්ලන් ගොඩනැගිල්ලට තුලට ඇවිදන් යයි කියලා ඔවුන් හිතුවත් ටේහියුන්ග් ට ඉදිරියෙන් ඇවිදන් යන්න දෙමින් ජන්කුක් ටේහියුන්ග් පසුපසින් හිටගත්තා.අතීතයේ වගේමයි. හන්සන්ග් ඉදිරියෙන් ඇවිදන් යද්දි අනෙක් පිරිස හන්සන්ග් පසුපසින් ඇවිදන් එනවා.





බලාපොරොත්තු නොවුන මොහොතක කම්පනි එකට පැමිනි ජන්කුක් හා ටේහියුන්ග්  සේවකයින්ව පුදුමයට පත් කලා. මීට කලින් කවමදාවත් ජන්කුක් ජියොන් ගොඩනැගිල්ලට ඇවිත් තිබුනෙ නැහැ. ජන්කුක් ව තමන්ගෙ අඩි පාරෙ ගෙනියමින් ජන්කුක්වත් ඔහුගෙ ව්‍යාපාර වැඩ වලට හවුල් කරගන්න හන්ග්ට කොයිතරම් උත්සහ කලත් ඒ වෙනුවට ජන්කුක් තෝරගත්තෙ වෛද්‍ය වෘත්තීය .ජන්කුක්ව බලෙන් කිසිමදේකට කැමති කරගන්න බැරි නිසා හන්ග් පවා ඒ තීරනයේදි නිහඩ වුනා. ඒත් අද ජන්කුක් විසින්ම කම්පනි එකට ඇවිල්ලා.නමුත් තනිවමනම් නෙවෙයි.

Stolen Love Where stories live. Discover now