Chapter 73

969 291 366
                                    

Comment goal 200

කුඩා කොටස් වලට කැඩිලා යන කොන්ක්‍රීට් සොහොන දිහා බලන් හිටිය ටේහියුන්ග් තදින් ඇස් පියාගනිමින් හුස්මක් ගත්තා.

භූමිය පුරාම හුලං හමන් යනවා.ජියොන් හන්සන්ග් කුමරුන්ගෙ මිහිදන් කල සිරුර නැවත ගොඩගන්නවා කියන ප්‍රවෘත්තිය දැනගන්න ලැබුන ගොඩක් මින්සුන්  සොහොන් භූමිය අවට එකතු වෙලා හිටියා.නමුත් සොහොන අවට දැඩි ආරක්ශාවක් යොදවලා තිබුන නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ඈතින් ඉදන් විතරයි මේ දිහා බලන් ඉන්න පුලුවන් වුනේ.


පස හාරන් පස තුලට කිදා බහින  සවල තවත් පස් ගොඩක් වල තුලින් ගොඩ දැන්මා. ටේහියුන්ගෙත් හන්සන්ගෙත් DNA එකකට එකක් ගැලපෙනවද කියා පරීක්ෂා කරන්න ජියොන් හන්සන්ගෙ සිරුර නැවතත් ගොඩගන්න අවශ්‍ය වුනා .හන්සන්ගෙ සිරුර නැවත ගොඩගන්න අවසරය ජියොන් හන්ගෙන් උඩින්ම ලැබුන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව සිරුර ගොඩනැගීමෙ කටයුතු සිද්දවුනා.


ජන්කුක් , ටේහියුන්ග්, යුන්ගි සොහොනට මදක් ඈතින් හිටගෙන ඉද්දි ඔවුන්ට පිටුපසින් හන්ග් , හෙලේනා, සයිමන් හිටගෙන හිටියා. DNA පරීක්ශනයෙන් පස්සෙ  ටේහියුන්ග් ට අත් වෙන්න යන ඉරනම ගැන සතුටු වෙමින් ඉන්න හන්ග්ගෙ මුහුනෙ නම්  සමච්චල්  සහගත හිනාවක් ඇදිලා තිබුනා.

තවත් සවල් පහරක් පස තුලට කිදා බහිද්දි වල හාරමින් හිටිය මිනිස්සු තුන්දෙනාගෙ ඇස් පුදුමයෙන් විසල් වුනා. හිස ඔසවමින් ජන්කුක්ලා දිහා බැලුව එක මනුස්සයෙක් බිය වෙලාවක් මෙන් ජන්කුක් දිහා බලන් හිටියා.

" හන්සන්ග් මහත්තයගෙ සිරුර මතු වුනා මහත්තයෝ."

වියරු ආත්මාර්තකාමි නපුරු සතුටක් හන්හ්ට දැනුනත් ඔවුන් වටේටම කැමරා අටවන් ඉන්න රිපෝටර්ස්ලා නිසාම දුක්බර වෙස්මුහුනක් මුහුනෙ පැලදගත්ත හන්ග් හිස පහලට බරකරගෙන ඇස් පියාගත්තෙ දෙවියන් සිහිකරන්නාක් මෙන් රංගනයේ යෙදෙමින්.


ජන්කුක් දිහා බලන් ඉන්න  මනුස්සයා ජන්කුක්ට යමක් කියන්න උත්සහ කරනවා කියලා දැනෙද්දි සිරුර තියන වල ලගට ජන්කුක් යන්න ගියා ඒත්  ජන්කුක් ගෙ අතින් අල්ලගත්ත ටේහියුන්ග් ජන්කුක්ව නතර කරමින් තනිවම  වල ලගට ඇවිදන් ගියේ හන්ගෙ කපටි ඇස් මේ දිහා බලන් හිනාවෙද්දි.


Stolen Love Where stories live. Discover now