EPISODE 55❤

657 84 22
                                    

" දෙහාර්යා මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ..."

සෝහුන් ටික ටික පාක් කපල් එක ලගට කිට්ටු වෙන ගමන් කතා කරා...

" සර් ඔයා මැඩම් එක්ක කා එකට යන්න අපි බලාගන්නම්..."

එතනට දුවන් ආපු ගාඩ්ලා ටික කෙල්ලවයි කොල්ලවයි වට කරගන්න ගමන් කිව්වා..

" මැණික යමු..."

ජිමින්ට ඕනෙ වුනෙත් සෝහුන්ගෙ ඇස් වලින් තමන්ගෙ ලැබෙන්න ඉන්න පැටියව රැක ගන්න ඒ නිසා කොල්ලා තමන්ගෙ තරහ උපරිමව පාලනය කරන් දේහිව එතනින් එක්කන් යන්න උත්සහා කරා..

" පොඩ්ඩක් ඉන්න ජිමින්..."

හැමෝවම පුදුම කරවලා දේහි තමන්ගෙ කුසට අත් දෙක තියාගෙන සෝහුන් පැත්ත හැරුනා..කෙල්ලගෙ උඩ ඉදන් යටටම බැල්ම හෙලපු සෝහුන්ගෙ ඇස් දෙක පුදුමෙන් ලොකු වුනා...

" දෙහාර්යා ඔයා..."

දේහි ගාඩ්ලවත් පැත්තකට කරලා හිමීට සෝහුන් ලගට ඇවිදන් ගියා.ජිමිනුත් ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදලා කෙල්ලගෙ පිටිපස්සෙන් ගිහින් හිටගත්තා...

" සෝහුන් මන් දන්නවා ඔයා මගේ ඔන්නිට ඇත්තටම ආදරේ කරා කියල පුංචි කාලෙ ඉදන් ඔයා මගේ ඔන්නිගෙ හොදම යාලුවා.ඒත් ආදරේ කියන්නෙ හරි අමුතු දෙයක් සෝහුන් ඒක තේරුම් ගන්න නම් ආදරේ කියන දේ විදින්නම ඕනෙ.ඔයා ඔන්නිට ආදරේ කරපු එක ඇත්ත ඒත් ඔන්නි ආදරේ කරේ ජිමින් ඔප්පට ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ සෝහුන් ආදරේට කරන්න බැරිදේකුත් නෑ මේ පේනවනෙ..."

දේහි ඔලුව පාත් කරලා තමන්ගෙ කුස අත ගාන ගමන් කියද්දි සෝහුන් බැලුවෙ කෙල්ලගෙ කුස දිහා...ජිමින් කැමති වුනේ නෑ සෝහුන්ගෙ දරුණු බැල්ම තමන්ගෙ දරුවට වැටෙනවට කොල්ලා දේහිගෙ කුසට අත තිබ්බෙ යමු කියන්න වගේ..කෙල්ල ජිමින්ගෙ අත උඩින් අත් දෙක තියලා ආයෙම කතා කරන්න ගත්තා...

කෙල්ල ජිමින්ගෙ අත උඩින් අත් දෙක තියලා ආයෙම කතා කරන්න ගත්තා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)حيث تعيش القصص. اكتشف الآن