EPISODE 24❤

495 85 8
                                    

දවසෙම ඔෆිස් එකේ වැඩ නිසා කාර්‍යබහුල වෙලා හිටපු ජිමින් ගෙදර ආවෙ ටිකක් රෑ වෙලා ගේ ඇතුලට ඇවිත් කිචන් එකට ගිහින් වතුර වීදුරුවක් බීලා සාලෙට එද්දි ආජු අම්මා උඩ තට්ටුවේ ඉදන් මහන්සියෙන් පහළට බහිනවා දැකපු නිසා ජිම්න් නැවතිලා ඒ දිහා බලන් හිටියා....

" ඔයා අසනීපෙන්ද..."

" අනී බේබි ටිකක් ඇඩුවා සර්..බොහොම අමාරුවෙන් නිදි කරේ..."

ආජු අම්මා හිස පාත් කරන් කියද්දි කොල්ලා මුකුත්ම නොකියා අඩියට දෙකට තරප්පු පෙල නැගගෙන උඩට ගියා...වොශ් එකක් දාලා ටී එකකුයි ශෝට් එකකුයි ඇදගෙන තේහිගෙ රූම් එකට ආපු ජිමින් සුදුපාට බෙඩ් ශීට් එක යටට වෙලා සැපට නිදාගෙන ඉන්න චූටි කෙල්ල දිහා බලන් හිටියෙ හරිම ලෙංගතුකමින්...

" මගේ පන..."

හිම්න් මුමුනන ගමන් කොල්ලා ඇදට නැගලා තේහි ගාවින් හාන්සි වෙලා කෙල්ලගෙ හිස පිරිමදින ගමන් කල්පනාවට වැටුනා....

( අතීතෙට )

" තේහා දොර අරින්න මාව බය කරන්න එපා..."

තේහාර්යා කලබල වෙලා වොශ් රූම් එකට දුවපු නිසා ජිමින් ගොඩක් බය වුනා මේ සතිදෙක පුරාවට ගෙදර හිටියෙ නැති නිසා කෙල්ලට අසනීපයක්වත්ද කියලා ජිමින්ගෙ හිත කලබල වුනා.

" තේහා මැනික දොර අරින්නකො ප්ලීස් ..."

ජිමින් දොරට තට්ටුකර කර කෑගහන්න ගත්තා ඒ එක්කම දොර ඇරන් එළියට ආපු තේහා ජිමින්හෙ ඇගට පැන්නෙ කෑගහගෙන ...

" යාහ් තේහා මොකද වෙලා තියෙන්නෙ පොඩි ළමයෙක් වගේ තව පොඩ්ඩෙන් දෙන්නම බිම..."

" චිමී ඔයා අප්පාකෙනක් වෙන්න යන්නෙ මම ප්‍රෙග්නට් අපේ බබා අපි ලගට ඇවිත්...."

" මැණික ආයෙ කියන්න.. මම අප්පා කෙනෙක් වෙන්නද යන්නෙ.."

ජිමින් කෑගහලා හිනා වෙවී තේහාව බදාගත්තෙ දෙන්නගෙම හිත් සතුටින් පිරිලා ඉතිරිලා යද්දි.....

(වර්තමානයට )

දන්නවද මගේ ඒන්ජල් ඒ දවස තමයි මගේ ජීවිතේ සතුටුම දවස මගෙයි තේහාගෙයි ආදරේ සංකේතෙ විදිහට ඔයා එදා ඔයාගෙ ඔම්මගෙ කුසට ආවා මම හීනෙකෙන්වත් හිතුවෙ නෑ ඔයා එච්චර ඉක්මනින් අපි ගාවට එයි කියලා....

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now