EPISODE 04❤

636 100 8
                                    

"....හා...ර්...යා....."

කොල්ලා කියපු දේ හරි හැටි ඇහුනෙ නැතත් තේහි නැගිටලා ජිමින් දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලා කියපු දේ හරි හැටි ඇහුනෙ නැතත් තේහි නැගිටලා ජිමින් දිහා බැලුවා...

" කවුද මේ හාර්යා කියන්නෙ මට මේ නේම් එත හොදට අහලා පුලුදුයි .."

තේහි කම්මුලට ඇගිල්ලකුත් තියාගෙන උඩ බලාගෙන කල්පනා කරද්දි ජිමින් හිමීට ඇස් ඇරියෙ තේහිගෙ උණුසුම එක පාරට නැති වුන නිසා..

" තේහි..."

" මෝචි තේහි බබා නැගිත්තා ඔයාට කලින් හූ හූ.."

" සොරි පැටියො මෝචිට ටිකක් වැඩිපුර නින්ද ගියා..."

ඇදේ වාඩි වෙලා ඇස් දෙකත් පොඩි කරලා ජිමින් කියද්දි තේහි ඇවිත් ජිමින්ගෙ අව්ල් වෙලා තියන කොන්ඩෙ චූටි අත් වලින් එහාට මෙහාට කරලා හදන්න ගත්තෙ හුරතල් හිනාවකුත් මූනෙ රදවගෙන...

" මෝචි අද ඔෆිස් යන්නෙ නැද්ද..."

" යන්න ඕනෙ මැණික මෝචිට වැඩ ගොඩක් තියනවා.."

කෙල්ලව අතින් අල්ලන් ලගට ගත්ත ජිමින් තේහිවත් වඩාගෙන ඇදෙන් නැගිටලා රූම් එකෙන් එලියට එද්දි ආජු අම්මා දුවන් ඇවිත් තේහිව ජිමින් අතින් තමන්ගෙ අතට ගත්තා...

" ටේහ්‍යුන් ආවොත් තේහිව එයා එක්ක යවන්න නැත්තම් දෙන්නම ලෑස්ති වෙලා අප්පගෙ ගෙදර යන්න..."

ජිමින් ආජු අම්මාට කියලා තමන්ගෙ රූම් එකට ගියෙ ඔෆිස් යන්න ලෑස්ති වෙන්න...

##################

" අම්මා මම ගිහින් එන්නම්.."

" දේහි ඔයා කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ පුතේ තාත්තා කැමති නෑ ඔයා ඔය රස්සාව කරනවට..."

"අනේ මොකද්ද අම්මා මට මේ ගේ අස්සෙ හිර වෙලා ඉන්න කියලද කියන්නෙ..අනික තාත්තගෙ චග් ගෝලයො මම යන යන තැන පස්සෙන් එනවා මට පුලුවන් මාව බලාගන්න ප්ලීස් අම්මා තාත්තට තේරුම් කරලා දෙන්න..."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now