EPISODE 49❤

700 80 6
                                    

ටිකකින් කෙල්ල එක්ක ඇතුලට ආපු කෙනා දැකලා ජිමින්ගෙ ඇස් උඩ ගියා...

" ඔයා......."

" හායි මිස්‍ට ජිමින්....."

"රාහුල් එන්න අපි වාඩි වෙලාම කතා කරමු.."

ජිමින් දේහි දිහයි රාහුල් දිහයි මාරුවෙන් මාරුවට බලද්දි රාහුල් ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනා.දේහි ජිමින්ගෙ අතින් ඇදලා වාඩි කරෝලා එහා පැත්තෙන් වාඩි වුනා...

" ඇත්තටම ජිමින් මං ආවෙ පාක් කම්පැනි එකත් එක්ක වැඩ කරන්න කැමතියි කියන්න.LJ එක එක්ක නවත්ත්තපු ප්‍රොජෙක්ට් එක මං එක්ක පටන් ගන්න මිස්ට ජිමින් කැමතිද..."

" ඔව් අපි කැමතියි රාහුල් ජිමිනී එහෙම නේද ..."

දේහි ජිමින්ගෙ අතින් අල්ලලා ඇහුවා...

" ඇත්තටම මං සෑහෙන්න අව්ල් වෙලා හිටියෙ මේ ප්‍රශ්නෙ නිසා මේ වගේ වෙලාවක ඔයා මෙහෙම යෝජනාවක් ගෙනාපු එකනම් ඇත්තටම වටිනවා. මං කැමතියි මිස්ට රාහුල් එක්ක වැඩ කරන්න .."

" හරි එහෙනම් ඇත්තටම දේහි තමයි මට ඔක්කොම විස්තරේ කිව්වෙ ලිලී කියන්නෙ කොහොමත් අමුතු කෙනෙක් කියලා මටත් තේරිලයි තිබුනෙ.."

" හරි හරි ඔය දෙන්නා කතා කර කර ඉන්නකො මං යනවා සෝහා බලන්න.."

දේහි යන දිහා බලන් හිටපු රාහුල් ජිමින්ගෙ පැත්ත හැරුනා...

" Congratulations මිස්ට ජිමින් ඔයාගෙ දෙවෙනි බබාවෙනුවෙන්..."

රාහුල් ජිමින්ට අතට අත දෙන ගමන් කිව්වා ..

" තැන්ක්‍යූ රාහුල්..මං ඔයාගෙන් දෙයක් අහන්නද.."

" අහන්න මිස්ට ජිමින්.."

" මුලින්ම ඔය මිස්ට කෑල්ල අයින් කරගන්න ඔයා දේහිගෙ යාලුවෙක්නම් මගෙත් යාලුවෙක්.ඇත්තටම රාහුල් ඔයාගෙයි දේහිගෙයි අතර තිබුනෙ මොන වගේ සම්බන්ධයක්ද..."

ජිමින් අහද්දි රාහුල් කට කොනින් හිනාවක් දාලා අතේ තිබුන පෝන් එක ලග තිබුන ටේබල් එක උඩින් තියලා කොල්ලා දිහා බැලුවා..

" ඇයි ජිමින්ට සැකද..."

" අනියො සැක කරනවා නෙමෙයි දැනගන්න ඇහුවෙ.."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now