EPISODE 17❤

530 89 10
                                    

ජිමින්ගෙ පපුව අස්සට ඔලුව ඔබාගෙන තේහි ආයෙම ඇස් පියාගත්තා...ජිමින්ගෙ ඇස් ඊලගට යොමු වුනේ දේහි දිහාට හිමීට කෙල්ලවත් තුරුල් කරන් ඒ පැත්තට ඇවිදන් ආපු ජිමින් තමන්ගෙ තුරුලෙ නිදන් ඉන්න කෙල්ලව දේහි දිහාට දික් කරා.....

" ජි...ජි...ජිමින්ශි..."

ඇස් දෙකත් ලොකු කරන් චූටි තේහි දිහා බලපු දේහි ජිමින්ගෙ මූන දිහා බැලුවෙ පුදුමෙන්. ටේ මිසූ දෙන්නත් මූනට මූන බලාගත්තා...

" ටික වෙලාවක් තේහි එක්ක ඉදලා යන්න පුලුවන් ..."

" ඒත් ජි..."

" මම එකම දේ දෙපාරක් කියන් නෑ..."

ජිමින් උස් හඩින් කියද්දි දේහි ඇස් වල කදුලු එක අතකින් පිහදාගෙන ජිමින්ගෙ තුරුලෙ හිටපු තේහිව තමන්ගෙ දෝතට ගත්තෙ බොහොම පරිස්සමින් ..මිසූ ටේ දෙන්නත් එක්කම ජිමිනුත් පෝන් එකට අවධානය දෙන ගමන් ගිහින් සෝෆා එකේ වාඩි වුනා...

" මගේ චූටි මැණික ලව් යූ සෝ මච්..."

තමන්ගෙ තුරුලෙ නිදාගෙන ඉන්න තේහි එක්ක එහෙට මෙහෙට පැද්දෙන ගමන් දේහි කෙල්ලගෙ නලල මතින් ආදරණීය හාදුවක් තිබ්බා...

" ජිමිනා ..."

" ම්ම්ම්...."

" අර බලපන්කො..."

මිසූ ටේ දෙන්නා දේහියි තේහීයි දිහා බලන් හිටියත් ජිමින් නම් හිටියෙ පෝන් එකට අවධානය දීලා ටේ කොල්ලට කතා කරත් ජිමින්නම් ඔලුව උස්සලා බැලුවෙවත් නෑ...

" ජිමින් ඔයාට එයාව මතක් වෙන් නැද්ද දේහි කියන්නෙ තාම පොඩි කෙල්ලෙක් ඒ හිතට මේ හැගීම කොහොම දැනෙනවා ඇතිද...ජිමින් දැන්වත් තේරුම් ගන්නකො තේහිට ඔම්මා කෙනෙක් වෙන්න හොදම කෙනා තමයි දේහි.."

මිසූ කියද්දි ජිමින්ට ආයෙමත් තරහා ගියා පෝන් එක ටේබල් එක උඩට විසික් කරපු ජිමින් අවධානයෙන් මිසූ දිහා බලද්දි කෙල්ල කරේ බිම බලාගත්ත එක...

" කව්ද කියන්නෙ ඒ දෙන්නා එක වගේ කියලා මටනම් එහෙම එකක් පෙන් නෑ අනික මගේ ජීවිතේට ආපු එකම වගේම අවසාන ආදරේ එයා ඒ තැන මම මැරෙනකන්ම කාටවත් දෙන්නෙ නෑ..."

ජිමින් කිව්වෙ මිසූ දිහාට යොමු වෙලා තිබුණු ඇස් වලින් දේහි දිහා බලලා..ඒ එක්කම දොර ඇරන් ඇතුලට ආවෙ ආජු අම්මා..

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now