EPISODE 07 ❤

601 94 14
                                    

දේහිගෙයි තේහිගෙයි කෝලම් බලන් හිටපු ටේහ්‍යුන් මිසූ දෙන්නා ගැස්සිලා ගියෙ එකපාරට එතන්ට ආපු කෙනා දැකලා....

"තේහි..."

" මගෙ මෝචි ආවා..."

කෙල්ල දේහිගෙන් මිදිලා ජිමින් ලගට දුවන් යද්දි ජිමින් තේහිව වඩාගෙන හැරුනෙ ටේහ්‍යුන් මිසූ දිහාට ඒ එක්කම ටේහ්‍යුන් මිසූගෙ අතින් අල්ලගෙන ජිමින් දේහි ඉන්න තැනට කිට්ටු වුනා..

" මම තේහිව එක්කන් යනවා.."

" ජිමිනා..."

ටේහ්‍යුන්ට කතා කරන්න නොදීම ජිමින් තේහිවත් අරන් එතනින් යන්න යද්දි තේහි ජිමින්ගෙ බෙල්ල අස්සෙන් ටේහ්‍යුන් මිසූ දේහි දිහා බලන් හිටියෙ මූනත් ඇඹුල් කරන්...

" අද ඉවරයි..."

ටේහ්‍යුන් කිව්වෙ තොල් දෙකත් හපාගෙන මිසූ දිහා බලලා...

" එයාද අර ප්‍රින්සස්ගෙ තාත්තා..."

" තාත්තා මොකක් ඒ කව්ද ඒ තමයි තේහිගෙ අප්පා .."

" අයියෝ ටේ අප්පට ලංකාවේ අය කියන්නෙ තාත්තා කියලා..."

මිසූ ටේහ්‍යුන්ට ඒ විදිහට උත්තර දෙද්දි දේහි බලන් හිටියෙ මිසූ දිහා පුදුමෙන් වගේ..

" ඔයා කොහොමද ඔච්චර හොදට ඒ දේවල් දන්නෙ.."

"අනේ නපුරු කුමාරි ඔයාට වඩා හොදට මම ඔයාගෙ රට ගැන දන්නවා.."

මිසූ කිව්වෙ දේහිට දිවත් දික් කරලා සච්චලේට වගේ ඇද කරන ගමන්...

" මට එයාව කොහෙ හරි දැකලා පුරුදුයි..."

දේහි නිකටට අතකුත් තියාගෙන ජිමින් ගිය පැත්ත බලන් කල්පනා කරන ගමන් කිව්වා..

" දැකලා නැත්තම් තමා පුදුමෙ ලෝකෙම දන්න ජිමින්ව ඔයා නොදකින්න විදිහක් නෑනෙ..."

" ජිමිනා ආයෙ තේහිව කොහෙවත් අරන් යන්න දෙන එකක් නෑ මට.."

දුක් මූනකින් ටේහ්‍යුන් බිම බලාගෙන කියද්දි මිසූ කොල්ලගෙ අතින් අල්ලගත්තා...

" ජිමින් කොහොමද එහෙම කරන්නෙ මගේ කොටියට. ඔයා බය වෙන්න එපා මම ඉන්නවනෙ..."

" ඇයි ඔයාලා ඔහොම කතා කරන්නෙ අර මනුස්සයා ඒ බබාව හිර කරන්ද ඉන්නෙ එයාට මහ නපුරු මූනක් තියන්නෙ හිනා පොදක් නෑ..අනේ උගෙ හිනාවෙන් මටනම් වැඩක් නෑ මට දුක අර කෙල්ල ගැන.."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now