🧡 44 🧡

932 205 26
                                    

සෝයූන් උදේ ඇස් ඇරලා බලනකොට යුංගි කෙල්ල ලග ඉදියේ නැ ඒක නිසා සෝයූන් රූම් එක වටේම ඇස් යැව්වේ යුංගි හොයන්න කෙල්ල ඇදෙන් පහලට කකුල් දෙක දාලා නැගිටින්න ගියත් ආපහු ඇදේ ඉන්දුනේ එයාගේ ඇගට පන නැති නිසා එතකොට යුංගි සෝයූන්ගේ උදෑසන ආහාර වේල අරගෙන රූම් එකට ආවා

" සෝයූ කොහෙද යන්න හදන්නේ "

යුංගි එහෙම අහන ගමන් කෙල්ල ලගට ආවා ගෙනාපු කෑම ටික පැත්තකින් තියලා යුංගි සෝයූන්ගේ ලගින් වාඩිවුනා කෙල්ල යුංගිගේ උරහිසෙන් ඔලුව තියාගත්තා කොල්ලා සෝයූන්ගේ ඉන වටේ අතක් යවලා කෙල්ලව තුරුල් කරගත්තා

" අමාරුයි ද..?"

" ම්ම්ම්.. "

" වොෂ් එකක් දාගෙන ඇවිත් නිදාගමු "

යුංගි එහෙම කියලා සෝයූන්ව බාත් රූම් එකට එක්කගෙන ගියා

" අමාරු නම් මට කතා කරන්න ඕන හරි ද මම එලියේ ඉන්නවා ම්ම් "

යුංගි සෝයූන්ගේ කම්බුල් අල්ලාගෙන කිව්වාම කෙල්ල හා කියන්න ඔලුව වැනුවා යුංගි කෙල්ලගේ නලලට පොඩි කිස් එකක් දීලා එලියට ආවා සෝයූන් එන්න එන්නම දුර්වල වුනා කෙල්ලට පොඩි දෙයකින් පවා වෙහෙසට පත් වෙනවා

සෝයූන් සින්ක් එකට බරවෙලා බලාගෙන හිටියේ කෙල්ල vomit කරන්න ගත්තා ඒත් එක්කම නහයෙන් ලේ බිදු වැටෙන්න ගත්තා සෝයූන්ගේ කකුල් පන නැති වෙනවා වගේ දැනුනත් සින්ක් එකට බර වෙලා කෙලින් හිටියා

" මට සමාවෙන්න "

සෝයූන් එහෙම මුමුනලා අඩන්න පටන් ගත්තා කෙල්ලට හුස්ම ගන්නත් අමාරුයි එයාට මේ දේවල් දරාගන්න බැ අඩලා අඩලා වොෂ් එකක් දාගෙන එලියට යන්න ගියත් එයාගේ කකුල් පන නැ වගේ දැනෙද්දී එයා එහෙම්ම බිත්තියට හේත්තු වුනා කෙල්ල ඇස් පියාගෙන හිටියේ ඇග ඇතුලෙන් පිච්චෙනවා වගේ දැනෙනකොට සෝයූන්ගේ කකුල් වෙව්ලනවා

" යු..යුංගි.."

සෝයූන්ට ඇවිදගන්න බැරි නිසා යුංගිට කතා කලේ සෝයූන්ගේ වෙව්ලන කටහඬ ඇහුනු නිසා හිටපු කෝල් එකත් කට් කරලා ඉක්මනට කරලා බාත් රූම් එක ඇතුලට ගියා කෙල්ල වේදනාවෙන් ඉන්න විදිය දැක්කාම යුංගිගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ යුංගි ඉක්මනට සෝයූන්ගේ ලගට ගිහින් කෙල්ලව වඩාගෙන ඇවිත් පරිස්සමින් ඇදෙන් තිබ්බා මූනට වැටිලා තිබුණු පුංචි කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවලා ඒ සීතල වෙලා තිබුණු කම්බුලකට උනුසුම් හාදුවක් තැවරුවා යුංගිගෙන් ලැබුනු උනුසුම් හාදුවත් එක්ක කෙල්ල යුංගිගේ ඇස් දිහා බැලුවේ ඒ ඇස් වල ආදරේ පිරිලා ඒ වගේම වේදනාවත් සෝයූන්ට නොදැනීම ඉකියක් පිටවුනා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now