🧡 47 🧡

974 202 30
                                    

සෝ ආ study table එකේ වාඩිවෙලා වෙලා පාඩම් කරනවා කෙල්ල පෑනත් කටේ ගහගෙන පොත දිහා බලාගෙන හිටියා එතකොට සෝ ආගේ ආදරනීය දයාබර කොට තාර හස්බන් table එක උඩින් අත් දෙකත් තියාගෙන ඒ උඩින් ඔලුව තියාගෙන සෝ ආ දිහා බලාගෙන ඉන්නවා කෙල්ලගේ මූනේ ඉරියව් වෙනස් වෙන දිහා ජිමින් පුංචි හිනාවක් රදවගෙන බලාගෙන හිටියේ

" ඩෝල්..."

" ම්ම්ම්.. වේ..?"

",ලොකු වැඩක් ද..?"

" ම්ම්ම්... ගෙයක් ඩිසයින් කරනවා "

" ඒ ගෙදරටත් මේ වගේ රූම් එකක් හදන්න එපා "

" වේ..?"

සෝ ආ නිකට අත තියාගෙන කොල්ලාගේ දිහා බලාගෙන ඇහුවා

" එතකොට ඒ වයිෆුත් ඒ හස්බන් දිහා බලන එකක් නැ "

ජිමින් මූන බෙරි කරගෙන කිව්වාම කෙල්ල හිනා වෙන්න පටන් ගත්තා

" ඩෝල්.. යන්කෝ නිදාගන්න "

" බැ ජිමිනි මේක ඉවර කරන්න ඕන "

සෝ ආ ආපහු පොත දිහා බලාගෙන කිව්වා කෙල්ල පොතේ පිටු පෙරලන ගමන් ඉන්නකොට ජිමින් පොත ඇදලා ගත්තා

" මොකද දැන් මේ පොත දෙන්න "

සෝ ආ තරහින් කියද්දී කොල්ලා පොඩි බබෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා සෝ ආට හිත යටින් හිනා ගියත් කෙල්ල ඒක පිටට පෙන්නුවේ නැ

මගේ කියුට් ජිමිනි..

සෝ ආ අත දික් කරලා පොත ඉල්ලුවා

" ඔච්චර මහන්සි වෙන්න ඕන නැ ඩෝල් professor කාරයාගේ ඔලුවට ගන් එක තියන්න විතරයි ඕන "

" යාහ්හ් පාර්ක් ජිමින් ගුටි දෙන්නේ "

සෝ ආ අත උස්සගෙන කිව්වාම කොල්ලා සෝ ආගේ අත්ලට හාදුවක් තැවරුවා

" ජිමිනි.."

" අනේ ඩෝල්.. යමු නිදාගන්න මට ඔයා නැතුව නින්ද යන්නේ නැ "

" මම නැතුව දවස් ගානක් හොදට නිදාගත්තේ නිකන් බොරු නොකියා ඉන්නවා "

සෝ ආ එහෙම කියලා ලැප් එක දිහා බැලුවා ටික වෙලාවකින් කෙල්ලට දැනුනේ පාවෙනවා වගේ ෆීලින් එකක් වෙන මුකුත් නෙවෙයි ජිමින් කෙල්ලව උස්සලා ගත්තා සෝ ආව ඇදෙන් තියලා ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරලා ඇවිත් කෙල්ලට තුරුල් වුනා සෝ ආ දෙන්නාම වැහෙන්න බ්ලැන්කට් එක පෙරෙව්වා ජිමින් කෙල්ලව තද කරලා බදාගෙන සෝ ආගේ පපුව අස්සේ මූන හංගගෙන හිටියේ

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now